දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

35 හැවිරිදි මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක්.

වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වරය දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුන් දෙදෙනෙකුගෙන් කෙනෙකු ලෙසත් මෙම පුද්ගලයා කටයුතු කර ඇත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version