ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් සහ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.

සමුද්‍ර කලාපයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඊයේ(26) සිට දෙසැම්බර් දක්වා සේවාව නවතා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 26 සිට 28 දක්වා නියමිතව තිබූ මගී ප්‍රවාහන ගමන් අවලංගු කරන බව සේවා සපයන්නා විසින් නිවේදනය කර තිබේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #තමිල්නාඩු #නාගපට්නම් #කන්කසන්තුරේ #මගීප්‍රවාහන #බෝට්ටුසේවාව #ඉන්දියාව #සංචාරකයා #ප්‍රවාහනඅත්හිටුවීම

Share.
Leave A Reply

Exit mobile version