වසර හතරක කාලයක් තුළ දී නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියක් ලක්ෂ 596ක් වටිමනාමකින් යුත් මුදල් සහ දේපලවල හිමිකාරිත්වය දැරීම යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔවුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ආණ්ඩුව ලබන දෙසැම්බර් 10 යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද (29) නියෝග කළා.
එම නඩුවේ පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු ලේඛන අතරින් සමහර ලේඛන මේ දක්වා ලැබී නොමැති බව පළමුවන විත්තිකාර යෝශිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දැනුම් දුන්නා.
එකී ලේඛන සියල්ල ලැබීමෙන් පසුව පැමිණිල්ල විසින් තමා වෙත ඉදිරිපත්කර ඇති යෝජිත සලකා බැලීම් 104 සම්බන්ධයෙන් සලකා බලා එම 104 අතරින් කුමන යෝජිත පිළිගැනීම් පිළිගන්නේ දැයි ඉදිරියේදී අධිකරණය වෙත දැනුම් දෙන බවද ජනාධිපති නීතිඥ සමන් මෙන්ඩිස් එහිදී අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව එම නඩුව ලබන දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා දින නියම කළා.
කොළඹ දී සහ තංගල්ලේ දී එලෙස උපයා ගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්ෂ පන්සීය අනූ හයක් වටිනා මුදල් සහ දේපළ සන්තකයේ තබා ගනිමින් මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ සහ ලංකා දන්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #MahindaRajapaksa #YoshithaRajapaksa #DaisyForrest #ColomboCourt #LegalProceedings #CorruptionCharges #SriLankaJustice #MoneyLaundering #CourtHearing


