මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති නොරොච්චොලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසනවා.
ස්ථානාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ දුරකථන සංවාදයේ යෙදෙන ආකාරය දැක්වෙන හඬ පට පිළිබදව හෙළිවීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, ඉන් පසුව අවශ්‍ය පියවර ගන්නා බවයි පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසා සිටියේ.

