අම්පාර පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
ඒ, පොලිස්පතිවරයාගේ නියමයෙන්.
පදියතලාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් තේක්ක කොට තොගයක කොටසක් අධිරණයට භාර නොදි පෞද්ගලික ලී මඩුවකට ගෙන යෑමේ සිද්ධියකට අදාලව කරන ලද පරීක්ෂණයක් මුල්කරගෙන මෙම වැඩ තහනම සිදුකර ඇත්තේ.
මිට පෙර මෙම සිදුවිම පිළිබඳව පදියතලාව පොලිස් ස්ථානයේම පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැඩ තහනම් වි තිබෙනවා.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝගය මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබුණා.
මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පොලිස් පරීක්ෂක රොහාන් ගුණසේන නිලධාරියාගේයි

