සමගි ජන බලවේගය ද ‘මහා ජන හඬ’ සංවිධානයේ සාමාජිකයෙක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා.

ඒ අනුව, සමගි ජන බලවේගයේ බිම් මට්ටමේ සාමාජිකයින් නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රැළියට සම්බන්ධ වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.

තමන්ගේ පශ්චාත් භාගය තබාගෙන යෑමට කෝටි ගණනක වාහන අවශ්‍ය ද කියා විමසූ පිරිස් විසින් දැන් කෝටි ගණනක් වියදම් කර කැබ් ගෙන්වන තත්ත්වයට පැමිණ ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සමගිජනබලවේගය #මහාජනහඬ #ප්‍රේමනාත්සීදොළවත්ත #රැළිය2023 #පාර්ලිමේන්තුමන්ත‍්‍රී #සමාජිකයින් #නවම්බර්21 #පොදුජනතාව #දේශපාලනසංවිධානය #ශ්‍රීලංකා

Share.
Leave A Reply

Exit mobile version