දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් රක්ෂණයට නීත්‍යානුකූල නොවන ලෙස තැරැව්කාර සමාගමක් පත් කර ඒ හාරහා ශ්‍රී ලංකා රක්ෂණය සමාගම විසින් රුපියල් 4,750,828.72 ක මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සැලැස්වීම මගින් රජයට සිදුකළ පාඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #දූෂණ #අල්ලස් #ප්‍රසන්නරණතුංග #අල්ලස්කොමිසම #ශ්‍රීලංකා #නීති #රක්ෂණ #සංචාරකඅමාත්‍යාංශය #අමාත්‍යවරයා #චෝදනා

Share.
Leave A Reply

Exit mobile version