Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් කළ හේතුව ඇමති නලින්ද කියයි
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් කළ හේතුව ඇමති නලින්ද කියයි

    Bandara SenanayakaBy Bandara SenanayakaJanuary 27, 2026No Comments4 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) අදහස් පළ කළේය.

    ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ මහතා සම්බන්ධව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත් ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම කමිටුව නියෝජනය කළ බවය.

    ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු 19 වැනි දින මෙම විමර්ශන කමිටුව පත් කළ බවත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන පැවැත්වීම සඳහා ඒක පුද්ගල කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එම කමිටුව මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත්වීම ලබා ගැනීම සහ එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම මගින් මෙන්ම තමාට හිමි නැති වැටුප් හිමිකමක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයතා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභයක් සිදු කිරීම යන චෝදනා මත ඒ මහතාගේ වැඩ තහනම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂනයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කමිටුව නිර්දේශ කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කළා. එතන විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඉන්නවා. ඔහුත් ඉන්න කමිටුවක තමයි මේ නියෝජ්‍ය මහලේකම්වරයා ගැන විමර්ෂනය කරන්න ඒක පුද්ගල විමර්ශන කමිටුවක් සඳහා තීරණයක් ගත්තේ. ඒ අනුව 2025 අගෝස්තු මාසේ 19 වැනිදා මේ විමර්ෂන කමිටුව පත් කළා. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉන්නවා මේකට තෝරාගන්න පුළුවන් විමර්ශන නිලධාරීන් ඒ අයගෙන් කෙනෙක් තමයි තෝරගෙන ඉන්නේ. 2026 ජනවාරි 23 වැනිදා ඒ මූලික විමර්ශන කමිටුවේ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ කමිටුවට ලැබුණා. 

    ඒකපුද්ගල විමර්ශන කමිටුව පත් කිරීමේදී ඒ කමිටුවට භාර දීලා තියෙනවා විෂය පථයක් ඒ විෂය පථයේ පවතින්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුර සඳහා තෝරා ගැනීම, ඔහුගේ සුදුසුකම් සහ ඔහු එම තනතුරේ ස්ථිර කිරීම යන කරුණු පිළිබඳව සොයා බැලීම තමයි විෂය පථය. ඒ විමර්ශන කමිටුවේ නිර්දේශ දෙකක් ඉදිරිපත් කරනවා. 

    ඒ අනුව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත්වීම ලබා ගැනීම සහ එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම මගින් මෙන්ම තමාට හිමි නැති වැටුප් හිමිකමක් ලබා ගැනීම මගින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් අයතා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජී.කේ.ඒ.සී.කේ කුලරත්න මහතා වැඩ තහනම් කර ඔහු සම්බන්ධයෙන් විනය කටයුතු සිදු කිරීම, කුලරත්න මහතා පත් කිරීම හා සේවය ස්ථීර කිරීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දූෂණය නැමැති වරද යටතට ගැනෙන බැවින් ඒ පිළිබඳව විමර්ෂනයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස දන්වමින් මෙම කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කෙරේ. මෙන්න මේ කරුණු දෙක තමයි ඒක පුද්ගල විමර්ශන කමිටුවේ නිර්දේශ මගින් තහවුරු කරලා තියෙන්නේ. ඒ අනුව පළවෙනි නිර්දේශය අනුව වැඩ තහනමකට ලක් කරලා තිබුණා. වැඩ තහනමට ලක් කරලා විනය පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුණා. ඊට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා. මේ විමර්ෂන කමිටුව පත් කිරීමේදී විමර්ශන කමිටුවේ වාර්තා අනුව වැඩ තහනමට ලක් කිරීමේදීත් විපක්ෂයත් නියෝජනය කළා. මේ විමර්ෂන වාර්තාවට එරෙහිව ඕනෑම කෙනෙකුට අධිකරණයේ පිහිට පතන්නට පුළුවන්.”

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නීතීඥ පී.කේ.ඒ චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමට ලක්වූයේ පසුගිය 23 වැනිදාය.

    ඒ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන්මතුවූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන තිබුණි.

    පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පිරිදි ඒ මහතා මෙම ධුරයේ රාජකාරි කරනු ලැබීය.

    චමින්ද කුලරත්න මහතා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වේ.

    එමෙන්ම ඒ මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ සාමාජිකයෙකුද වේ.

    ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න මහතා සිය 20 වසරකට වැඩි වෘත්තිය ගමන් මඟ තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුළු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.