එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ,බදුල්ල දිස්ත්‍රික් නායක හරීන් ප්‍රනාන්දු මහතා විසින් ළමුන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රදේශ කිහිපයක ළමුන් සඳහා පොත් 500,000ක් පරිත්‍යාග කර ඇත.
මෙම පරිත්‍යාගය නිකපොත, ලේමස්තොට, කොස්ලන්ද, අයිස්පීල්ල, බ්ලැක්පූල්, හිවල් කඳුර, රෝස්බෙරි, ගම්පහ, කොළොන්තැන්න, කලීපනාව, නෙඩ්වුඩ් සහ හල්දුමුල්ල යන ප්‍රදේශවල පාසල් ළමුන් වෙත බෙදාහැරීමට කටයුතු කර ඇත.

