පුංචි බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් පුපුරුවා හැරීමට සැලසුම් කළ සිද්ධියේ පරීක්ෂණ පසුගිය රජය සමයේ යටගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා චෝදනා කරනවා.

සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් පිපිරවීමට සැලසුම් කිරීමේ සිද්ධියට වසර 4ක් පිරුණ ද එම පරීක්ෂණවලට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.

දේවස්ථානයේ පැවැත්වුණු උදෑසන පූජාවෙන් පසුවයි විරෝධතාව ආරම්භ කෙරුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් රජය පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවටයි ඊට සහභාගී වූවන් විශ්වාසය පළකළේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version