ගාල්ල බද්දේගම මහලියනගේවත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළ වැටී මියගොස් සිටි 48 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇතැයි බද්දේගෙම පොලීසිය පවසනවා.

මෙම කාන්තාව යටි කය නිරුවත්ව වැටී සිටි බවත් මළ සිරුර තිබූ ස්ථානයේ විශාල වශයෙන් පොළව මත රුධිරය එක්රැස්වී කැටි ගැසී වියළි තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම කාන්තාව එම නිවෙසේ තනිව වාසය කර ඇති අයකු බවත්, ලද තොරතුරකට අනුව මළ සිරුර ඊයේ (28) පස්වරුවේ හමුවූ බවත් පොලිසිය පවසනවා.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කෙරෙන අතර මෙම අපරාධයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) සිදු කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහලියනගේවත්ත, සංදරවල, බද්දේගම පදිංචි එච්. ඩී. පී. ආර්. මල්කාන්ති ගුණසේකර (48) නමැති කාන්තාවක්.

බද්දේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ජී. පී. ප්‍රියදර්ශන ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ගාල්ල #බද්දේගම #මහලියනගේවත්ත #නිවස #මළසිරුර #පොලීසිය #අපරාධ #සිද්ධිය #ශ්‍රීලංකා #සමාජමාධ්‍ය

Share.
Leave A Reply

Exit mobile version