බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, වගා කරන ලද බිත්තර වී වගාව, ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානිවලින් සිදු වන හානි සදහා ආවරණය කර ඇති අතර, අක්කර 01 ක් සඳහා කන්නයකට රුපියල් 13,600 ක වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රුපියල් 180,000 ක වන්දි මුදලක් ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

මෙම බිත්තර වී ගොවිපළවල්වලට රක්ෂණාවරණ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීප් සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බවත්, බිත්තර වී නිෂ්පාදනය දිරීමත් කිරීම තුළින් ගොවියා වගාව තුළ රඳවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බිත්තරවී #ගොවිපළ #රක්ෂණසැලසුම #කෘෂිකාර්මික #වගාව #අවදානම් #ගොවියා #අක්කර #කෘමිහානි #ස්වභාවිකවිපත්

Share.
Leave A Reply

Exit mobile version