උදාවන නව වසර සහ උත්සව සමය නිමිත්තෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය ශ්වසන පරීක්ෂණ නළ (Breathalyzer) දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති බව පොලිස් රථ වාහන අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පවසයි.
දැනට බෙදාහැර ඇති නළවලට අමතරව, ලබන ජනවාරි මාසයේදී තවත් ශ්වසන පරීක්ෂණ නළ 250,000ක් පොලීසියට ලැබීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.
බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන විශාල ජීවිත සහ දේපළ හානි අවම කරගැනීම මෙම මෙහෙයුම්වල මූලික අරමුණයි.
හිටපු කතානායක අශෝක රන්වල මහතා රිය අනතුරකට මුහුණපෑ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවට සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී එය පරීක්ෂා කිරීමට අවශ්‍ය ‘බැලුම්’ හෙවත් ශ්වසන පරීක්ෂණ නළ පොලීසිය සතුව නොතිබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීට පෙර පවසා තිබුණි.

