අයහපත් කාලගුණය නිසා බලපෑමට ලක් වූ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නායයෑම් අවදානම් තත්ත්වය පාලනය කිරීමට ඉංජිනේරු තාක්ෂණය යොදා ගැනීමට හෝ ඒ පිළිබඳව නැවත තීරණයක් ගත යුතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) සඳහන් කරනවා.
ඒ අනුව මෙම පාසල් සෘජුවම නාය යෑමට ලක්ව ඇති බව පසුගියදා සිදු කෙරුණු අවදානම් තක්සේරු පරීක්ෂාව මගින් හඳුනාගෙන ඇති බවයි එම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ.
දැනට අවදානම් තත්ත්වයේ පවතින එම පාසල් පරිශ්‍රයන් ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන නැවත ස්ථාවර කිරීමට සූදානම් වෙන අතර එසේ කිරීමට නොහැකි පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි ඔහු පැවසුවේ.
මෙහිදී හසලක ප්‍රදේශය හැරුණු කොට මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු පාසලක් අවදානම් තත්ත්වයේ නොමැති බව තත්ත්ව තක්සේරු පරික්ෂණ වාර්තාව මගින් තහවුරු කරගෙන තිබෙනවා.
මධ්‍යම පළාතේ පාසල් 160ක සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පසුගියදා සිදු කෙරුණු තක්සේරු පර්යේෂණ වාර්තාව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය වෙත භාරදී ඇති අතර එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
එබැවින් අවදානම් සහිත පාසල් පිළිබඳව නැවතත් මේ දිනවල අධ්‍යයනය කරමින් පවතින බවත් එම පාසල් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය වෙත කරුණු වාර්තා කර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

