දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ මුල් අවධියේ අනතුරු ඇඟවීම් හෙට (21) පෙරවරු 8.00 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා 3 වන මට්ටමේ (රතු) ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇති අතර බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

Share.
Leave A Reply

Exit mobile version