රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැක පිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මතමුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවද දැනුම් දුන්නා.
අනතුරුව මෙම නඩුව ජනවාරි 16 වැනිදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අල්ලස් #ජනාධිපති #මහින්දරාජපක්ෂ #නීති #කොළඹ #අධිකරණ #රක්ෂිතබන්ධනාගාර #ඇප #නඩු #ශ්‍රීලංකා


