මාලිමා නාගරික මන්ත‍්‍රීවරියකගේ සැමියා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ගැන ආණ්ඩුව නිශ්ශබ්දව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

ඒ අනුව, ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින් කුඩුත් සමඟ හසුවී, සිය පවුල පිටින් අත්අඩංගුවට පත්වන විට ‘ඩෝබි වොෂින්ටන්ලා’ ද නිශ්ශබ්ද වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේ.

මෙය යම් හෙයකින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ හෝ විපක්ෂයේ පක්ෂයකට සම්බන්ධ කෙනෙකුගෙන් සිදු වූවා නම්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කරන බවද, පොලිසිය භාර ඇමතිවරයා, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මාධ්‍ය ප්‍රකාශයන් නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මාලිමා #නාගරිකමන්ත‍්‍රී #මත්ද්‍රව්‍ය #සමගිජනබලවේගය #කාවින්දජයවර්ධන #දේශපාලන #ජනතාවදැනුවත් #ආණ්ඩුව #පොලිසිය #විපක්ෂ

Share.
Leave A Reply

Exit mobile version