රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ හට ”මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමා තිබෙනවා.
රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් සහිත සම්මානයක් වන මෙය ඊයේ (04) පිරිනමනු ලැබුවේ එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින්.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබෙනවා.
2025 වසරේදී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයාද වන්නේ ඔහුයි.
මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය සමන් වීරසිංහ, අවස්ථා කිහිපයකදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු මේ වන විට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලබනවා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLanka #Russia #Diplomacy #FriendshipAward #VladimirPutin #CulturalRelations #EconomicRelations #HonoraryDegree #SamanWeerasinghe #SriLankaRussiaRelations


