සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2015 වර්ෂයේ දී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව කොකුන් ගබඩා (තාවකාලික ගබඩා) 50 ක් ආනයනය කිරීම මගින් සංස්ථාවට එනම් රජයට රු. 99,679,799.70ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශව වෙත සලසාදීම යන චෝදනාව යටතේ ඔහුව අද (31) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLanka #Corruption #HusseinAhmadBahiya #Bribery #GovernmentAccountability #LegalAction #Transparency #PublicInterest #AntiCorruption #JusticeSystem

Share.
Leave A Reply

Exit mobile version