අද අලුයම ගලෙන්බිඳුනුවැව පොලිස්වසමට අයත් ඉහළගම ප්‍රදේශයේ සිදු වූ වායු රයිෆල් වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගලෙන්බිඳුනුවැව ඉහළගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක, වැඩ තහනමකට ලක් වූ පොලිස් නිළධාරියෙකු බවයි ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා අද අලුයම් කාලයේ සිය බිරිඳගේ පියාගේ නිවසට පැමිණ පියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඔහුට කැත්තකින් පහරදීමට තැත් කිරීමේ දී බිරිඳගේ පියා විසින් නිවසේ තිබු වායු රයිෆලයකින් මොහුට වෙඩි තබා තිබේ .
පසුව මියගිය පුද්ගලයාගේ වැඩිමහල් පුත්‍රයා විසින් 19 90 ගිලන් රථයක් ආධාරයෙන් ඔහුව ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ .
මියගිය පුද්ගලයාගේ දේහය ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය රෝහලේ මේ වනවිට තැන්පත් කර ඇති අතර කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නලින් දිමුතු බංඩාර මහතා අද වෙඩි තැබීම සිදු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකළේය.
වෙඩි තැබීම සිදු කළ වයස අවුරුදු 77 ක් වන පුද්ගලයා සහ වායුරයිෆලය පොලිස් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සදහා අද දින අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යැවීමට නියමිතව තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් සිදුකරනු ලැබේ.


