මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල්ගස් නරක් වීමේ රෝගයක් හේතුවෙන්, පොල් ගස් 5,000 ක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිඛෙනවා.
“වැලිගම වින්ට්” නමින් හැඳින්වෙන මෙම රෝගය, “රේන්ද මකුණා” යන නාමයෙන් හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියෙකු විසින් ඇති කරන බව මේ වන විට හඳුනාගෙන ඇති බවයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ.
දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,250 ක් මෙම රෝගයට ගොදුරු වී ඇති බවද, මේ රෝගය ගසකට වැළඳුණු පසු ඒ ගසෙන් තවත් ගස්වලට රෝගය බෝවන බවද ඔහු ප්‍රකාශ කළා.
මෙම රෝගය ඉන්දුනීසියාවේ සිට මුහුදු මාර්ගය හරහා පැමිණ ඇති බවයි සුනිමල් ජයකොඩි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

