Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට නියමිත වන්දි මුදල ගෙවා නෑ
    උණුසුම් පුවත්

    විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට නියමිත වන්දි මුදල ගෙවා නෑ

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට මෙතෙක් නියමිත වන්දි මුදල් ගෙවා නොමැති බවට එම විශ්‍රාම එකමුතුව පවසයි.

    එම එකමුතුව පැවසුවේ පසුගිය මාර්තු 09 වැනි දින විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග විශ්‍රාම ඉල්ලුම් කළ පිරිස් සඳහා වන්දි මුදල් ලබා දෙන බවට රජය පැවසුවද මේ වන තෙක් ඊට අදාළ වන්දි මුදල් ගෙවීමට රජය කටයුතු කිරීමට අපොහොසත් වූ බවය.

    අදාළ වන්දි මුදල් ගෙවීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට සඳහන් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙතද දීර්ඝ ලිපියක් යොමු කරමින් අදාළ විශ්‍රාම එකමුතුව සඳහන් කර ඇත්තේ අදාළ වන්දි මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් ඔවුන් මේ වන විට දැඩි ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දී ඇති බවය.

    එමෙන්ම මේ සම්බන්ධව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙතද ලිපියක් යොමු කිරීමට පියවර ගත් බවද අදාළ සේවක පිරිස සඳහන් කළේය.

    විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ එම මණ්ඩලය සමාගම් 6කට බෙදා වෙන් කෙරෙුණු අතර ඊට අනුගත නොවන සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාම යෑමට රජය විසින් අවස්ථාව ලබා දුන් අතර ඒ සඳහා උපරිම රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ප්‍රධානය කරන බවටද සඳහන් කෙරිණි.

    ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් 2,000කට ආසන්න පිරිසක් මෙම ස්වේච්චා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ අතර ඒ අනුව පසුගිය මාර්තු 09 වැනි දිනෙන් පසුව ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ගනු ලැබීය.

    කෙසේ වෙතත් මීට අදාළ වන්දි මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් අදාළ සේවක පිරිස් මේ වන විට දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වන විට සිය පවුල්වල සාමාජිකයින් සමග අවුරුදු සැමරීමට පවා නොහැකිව ආර්ථික ගැටලු රැසකට පත්ව ඇතැයි එම සේවක සේවිකාවන් චෝදනා කර තිබේ.

    තවද අදාළ සේවක පිරිස සඳහන් කරනුයේ විශ්‍රාම ගැන්වීමෙන් පසුව විශ්‍රාම ගිය සාමාජිකයින්ගේ සේවක අර්ථසාධක අරමුදලේ ශේෂයන්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් හෝ පාරිතෝෂික දීමනා මෙතෙක් නිදහස් කර ගැනීමටද නොහැකි වී ඇති බවත් වසර ගණනාවක් පුරා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් කැප කළ සේවය වෙනුවෙන් හිමිවිය යුතු නීත්‍යානුකූල මූල්‍ය සුරක්ෂිතතාවද මේ වන විට අහිමි කර ඇති බවය. 

    එමෙන්ම වසර 18ක අඛණ්ඩ සේවයක් සහිතව ස්වේච්ඡා විශ්‍රාම ලබා ගත් අවුරුදු 55 සම්පූර්ණ වූ පසුව විදුලිබල මණ්ඩලයේ විශ්‍රාම වැටුප සඳහා සුදුසුකම් ලබන බවට පනත මගින් සඳහන් කර ඇති බැවින් ඒ සඳහා ඔවුන්ට හිමි නීත්‍යානුකූල විශ්‍රාම වැටුප ලබා ගැනීමට මේ වන විට නොහැකි වී ඇති බවත් අදාළ සේවක පිරිස සඳහන් කර තිබේ.

    එම විශ්‍රාම එකමුතුව සඳහන් කරනුයේ විශ්‍රාම ගැන්වීමෙන් පසු අදාළ වන්දි මුදල් රජය විසින් මෙතෙක් නොගෙවීම සම්බන්ධව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් මහතාද දැනුවත් කළ බවය.

    එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අදාළ වන්දි මුදලින් කොටසක් හෝ ලබා දෙන බව පැවසුවාද මෙතෙක් එම වන්දි මුදල් නොලැබුණු බවත් පසුව අමාත්‍යවරයා ඇමතීමේදී අදාළ වන්දි මුදල් ගෙවීම සම්බන්ධව ඔහුද පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් බවය.

    ඒ අනුව මේ සම්බන්ධව අද දෙරණ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ද කරුණු විමසා සිටි අතර එහිදී ඔහු සඳහන් කළේ විශ්‍රාම එකමුතුව විසින් මේ සම්බන්ධව තමාව දැනුවත් කළ බවය.

    එමෙන්ම ඊයේ දිනයේදී එම මුදල් බංකුගත කිරීමට කටයුතු කරන බවට නිලධාරීන් තමාව දැනුවත් කළ බවද ඔහු පැවසීය.

    එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තමා නිසි සොයාබැලීමකින් අනතුරුව ප්‍රකාශ කිරීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා අද දෙරණ සමග සඳහන් කළේය.

    මේ අතර තොරතුරු දැනගැනීමට අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එම උත්සාහයන්ද අසාර්ථක විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026

    ආශා බෝස්ලේ (Asha Bhosle) අභාවප්‍රාප්තවේ

    April 12, 2026

    අප්‍රිකානු රටක් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ අතිවිශේෂ ප්‍රහාරක බලකාය වන විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) 33 වන බඳවා…

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.