අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් විසි දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.
එහිදී, රාජකාරිවලින් ඉවත් කරන ලද මෙම පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් බවයි වාර්තා වන්නේ.
ඉවත් කළ නිලධාරීන් 20 දෙනාගෙන් සත් දෙනකුගේ සේවය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත්, අනෙක් නිලධාරීන්ට වැඩ තහනම, අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ වෙනත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන්.
මෙහිදී, මෙම පිරිස රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

