නොවැම්බර් 21 දින පැවැත්වීමට නියමිත “මහා ජන හඩ” රැලිය වෙනුවෙන් සහය පල කරමින් විපක්ෂයේ සියලුම නිල තරුණ සංවිධාන අද දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී සියලුම තරුණ සංවිධාන එකමුතුව, රජය පොරොන්දු වූ තරුණ ඉල්ලීම් ආණ්ඩුවට ලබා දීමට බල කිරීමට මෙම රැලියට සහය ලබා දෙන බව වැඩිදුරටත් සදහන් කලා.

