ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (ClI) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමු වී තිඛෙනවා.

එහි දී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කතිකාවතක් ගොඩ නැංවීමට හැකි වූ බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහයන් ඉහළ නැංවීම සඳහා ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක‍්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට මෙහිදී යෝජනා කළ අතර, ඉන්දීය කර්මාන්ත සඳහා කැප වූ ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට ද මෙහිදී යෝජනා කර තිබෙනවා.

එසේම, පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම්, සැපයුම්, සංචාරක සහ අර්ධ සන්නායක වැනි ප්‍රමුඛතා අංශ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා – CIl ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට ද යෝජනා කර ඇති බවයි දැක්වෙන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLanka #India #TradeRelations #InvestmentOpportunities #TechnologyCollaboration #EconomicPartnership #SajithPremadasa #CII #BilateralCooperation #RenewableEnergy

Share.
Leave A Reply

Exit mobile version