උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල සියලුම පීඨවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමි වූ බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත, ආබාධිතසිසුන්ට එම අවස්ථාව හිමිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙතෙක් ආබාධිත සිසුන් ඇතුළත් කර ගැනුණේ විශ්ව විද්‍යාලවල පීඨ 04 ක් සඳහා පමණක් බවයි සඳහන් වන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #උසස්පෙළ #විශ්වවිද්‍යාල #ආබාධිතසිසුන් #අධ්‍යාපනය #පාර්ලිමේන්තුව #අමාත්‍යවරයා #උසස්අධ්‍යාපනය #සිසුන්ගේඅයිතිවාසිකම් #අධ්‍යාපනප්‍රතිඵල #සමානඅවස්ථා

Share.
Leave A Reply

Exit mobile version