ශ්‍රී ලංකා නාවික හමුදාවේ අතිවිශේෂ ප්‍රහාරක බලකාය වන විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) 33 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 24 දෙනෙකු සිය දැඩි පුහුණුව නිමා කර විසිරයාම පසුගියදා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී අභිමානවත්ව පැවැත්වුණා.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී පුහුණුව නිම කළ නාවිකයන් වෙත නිල ලාංඡන පැළඳවීම සහ දක්ෂතා දැක්වූවන් ඇගයීම සිදු කෙරිණා.
මෙම වසරේ පාඨමාලාවේ සුවිශේෂී දක්ෂතා දැක්වූ නාවිකයන් රැසක් නාවික හමුදාපතිවරයා අතින් සම්මාන ලැබුවා. ඒ අනුව, අතිශූර පුහුණු සාමාජිකයා සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය නැවි ඩබ්. එස්. ඒ. ප්‍රනාන්දු, හොඳම වෙඩික්කරු ලෙස සාමාන්‍ය නැවි ජේ. එම්. ආර්. පී. ජයතිලක, හොඳම ශාරීරික යෝග්‍යතාකරු ලෙස සාමාන්‍ය නැවි පී. එස්. ජයවර්ධන සහ අතිශූර පිහිනුම්කරු ලෙස සාමාන්‍ය නැවි එස්. ඊ. ටී. සුමතිරත්න යන අය සම්මාන ලැබුවා.
විසිර යන නාවිකයන් ඇමතූ වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අවධාරණය කළේ මෙම විශේෂ ලාංඡනය පැළඳීම හුදෙක් ජයග්‍රහණයක් නොව රට වෙනුවෙන් ඉටුකළ යුතු බැරෑරුම් වගකීමක සංකේතයක් බවයි.
නාවික හමුදාව ක්‍රියාත්මක කරන “රටම එකට” මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මෙහෙයුමට සක්‍රීයව දායක වෙමින් අනාගත පරපුර සුරැකීමට කැපවන ලෙසද හමුදාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා.
මෙම අවස්ථාවට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර තිසේරා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර ගිය නාවිකයන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo #sbs #Srilanka #srilankanavy #navy #Navysbs

