රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (17) උදෑසන 8.00 සිට වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට ‘තුණ්ඩු’ නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සොයන හැර අතිරේක කිසිදු සායනයකට එක් නොවීම මෙහිදී සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

2026 මුදල් වර්ෂයට අදාළව, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රජයේවෛද්‍ය #නිලධාරීන් #සංගමය #වෘත්තීයසමිති #සෞඛ්‍යසේවා #රෝහල #ඖෂධ #රසායනාගාර #අයවැය #විරෝධය

Share.
Leave A Reply

Exit mobile version