Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»දේශීය»ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් SLIIT සමඟින් එක්ව ”ගුරු බුහුමන්” රක්ෂණාවරණය යළි ගෙන එයි
    දේශීය

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් SLIIT සමඟින් එක්ව ”ගුරු බුහුමන්” රක්ෂණාවරණය යළි ගෙන එයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 8, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ පවතින සබඳතාවයන් වර්ධනය කරමින්, SLIIT සමඟ ඇති කරගනු ලැබූ සිය උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව දෙවන වසරටත් දීර්ඝ කර ඇත. ඒ අනුව එම සහයෝගීතාවය යටතේ මෙරටේ ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, ජාතික ගුරු සම්මාන උළෙල (National Educator Awards – NEA) සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත්ව තිබේ.

    NEA සම්මාන උළෙල යනු, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති විශිෂ්ට ගුරුවරුන් ඇගයීම සඳහා වන පිළිගත් සම්මාන උළෙලකි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සහ SLIIT ආයතනය අතර මෙම සහයෝගීතාවය ප්‍රථම වරට 2024-2025 වසරේදී ආරම්භ වූයේ, ජාතික ගුරු සම්මාන උළෙල (NEA) සඳහා සහය වෙමින්, ‘ගුරු බුහුමන්’ රක්ෂණ ක්‍රමය හරහා රටේ ගුරුවරුන් බලගැන්වීමේ පොදු අරමුණ පදනම් කර ගෙනයි.

    පුරෝගාමී සහයෝගීතාවයක් ලෙස ආරම්භ වූ මෙම සම්මාන උළෙල, මේ වන විට ගුරුවරුන්ගේ සාධනීය ප්‍රතිචාර සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමක් හිමි කර ගැනීමටත් සමත්ව තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් ගුරුවරුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ‘ගුරු බුහුමන්’ රක්ෂණ ආවරණය යනු, අනාගත පරපුර පෝෂණය කිරීම සඳහා ඔවුන්ට මඟ පෙන්වන ගුරුවරුන්ට ගෞරව උපහාර පිදීමක් වශයෙන් සහ ඔවුන්ගේ සුරක්ෂිතතාව සඳහාම සැකසූ විශේෂිත රක්ෂණ විසඳුමකි.

    සිය සාර්ථක ගමන, 2025 වසරේ සිට 2026 වසර දක්වා තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ජාතික ගුරු සම්මාන උළෙලේ නිල රක්ෂණ සහකරු ලෙස තවදුරටත් කටයුතු කරමින්, “ගුරු බුහුමන්“ රක්ෂණාවරණය හරහා ගුරුවරුන්ගේ දෛනික ජීවිතයට මෙන්ම ඔවුන්ගේ නිවසේ ආරක්ෂාව සඳහා ද සුවිශේෂී මූල්‍ය සුරක්ෂිතතාවක් ලබා දෙමින්, රුපියල් 1,000,000ක පුද්ගල අනතුරු රක්ෂණාවරණයක් සහ රුපියල් 3,000,000ක නිවාස රක්ෂණාවරණයක් පිරිනමයි.

    ගුරු බුහුමන් රක්ෂණාවරණය, ගුරුවරුන් වෙනුවෙන් පිදෙන සාම්ප්‍රදායික තෑගි වෙනුවට වඩාත් අර්ථවත් වූ රක්ෂණ විසඳුමක් ලෙස හඳුන්වා දිය හැකිය. ගුරුවරුන්ගේ නිවස සහ ජීවිතයේ සුරක්ෂිතතාවය මැනවින් ආරක්ෂා වී ඇති බවට අගනා සහතිකයක් ලබා දෙමින්, සහනදායී වාරිකයක් සහිතව, ඔවුන්ට මානසික නිදහස තිළිණයක් ලෙසින් පිරිනැමීමට දෙමාපියන්ට සහ සිසුන්ට දැන් අවස්ථාව ලැබෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ ජාතික රක්ෂණකරු වශයෙන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි වගකීම ව්‍යාපාරික අරමුණු මත පමණක් පදනම් නොවී, රටේ අනාගතය ගොඩනගන ජනතාව සුරක්ෂිත කිරීමේ ජාතික වගකීමක් දක්වා විහිදේ. ගුරු බුහුමන් යනු එම කැපවීම මැනවින් විදහා දක්වන්නකි. හෙට දවස නිර්මාණය කරන ගුරුවරුන් සඳහාම විශේෂයෙන් සකස් කළ මෙම රක්ෂණ සැලසුම හරහා ඔවුන්ට අවශ්‍ය සුරක්ෂිතභාවය ලබාදීම සහතික කරනු ලබයි.

    තවද, සාමාන්‍ය රක්ෂණ සේවාව යනු වාහන රක්ෂණ ආවරණයකට පමණක් සීමා නොවී, ජනතාවගේ නිවාස, රැකියා මෙන්ම සමස්ත ප්‍රජාවම සුරක්ෂිත කිරීම සඳහා වූ පුළුල් සේවාවකි. රටේ අනාගතය ගොඩනැගීමට වෙහෙසෙන ගුරුවරුන් සුරක්ෂිත කරමින්, ජාතියේ රක්ෂණකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ගුරු බුහුමන් රක්ෂණාවරණය හරහා ඔවුන්ගේ මානසික නිදහස තහවුරු කිරීමට කටයුතු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026

    ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO වෙත ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක ආයෝජනයක් සමඟ ආයෝජන මණ්ඩල අනුමැතිය

    April 8, 2026

    Huawei තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගැනීම හා 6G සඳහා අවස්ථාව ලබා දීම වෙනුවෙන් නවතම U6GHz නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

    April 8, 2026

    GovTech App/Service Marketplace ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ…

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.