ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි විරෝධයක්
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
ඊශ්‍රායල්හි සිටින ශ්‍රී ලාංකිකයින් සමග තානාපති කාර්යාලයේදී මෙම විරෝධය එල්ලවී ඇත්තේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.
එය පවත්වා ඇත්තේ, ඊශ්‍රායල්හි සේවය කරන ලාංකිකයින්ට ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
මේ පිළිබඳව පැහැදිළි කරමින් ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහන තබා තිබෙනවා
ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවූ බව පැවසෙන සමාජ මාධ්‍යයන්හි පලවන වීඩියෝ හා හා පුවත් පිළිබඳව පැහැදිලි කිරීම.
2025 දෙසැම්බර් මස 24 වන දින ඊශ්‍රායිල් තානාපති කාර්යාලයේ දී මෙහි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් හමුවීමේ සුහට හමුවක් සංවිධානය කළෙමි. ඒ සඳහා හැකියාව ඇති සියළුම දෙනාට ආරාධනා කරන ලද්දේ ඔවුන්ගේ සැබෑ ගැටළු පිළිබඳව පැමිණ සිටින පිරිසට අවබෝධයක් ලබා ගැනීම සඳහාය.
මෙහිදී එහි පැමිණ සිටි දෙදෙනෙකු තානාපති කාර්යාලයේ කටයුතු විවේචනය කළ අතර ඇමතිවරයාගේ අවසරය මත ඔවුන් මතු කළ චෝදනාවලට මමත් කම්කරු සුබසාධන අංශයේ උපදේශක නිල්මිණි අබේගුණවර්ධන මහත්මියත් පිළිතුරු ලබා දෙන ලදී. එම ප්‍රශ්න මතුකළ පුද්ගලයන්ට කිසිඳු අදාලත්වයක් නොමැති වෙනත් අයගේ ප්‍රශ්න ඔවුන් මතු කරන ලදී. මෙසේ වෙතත් අදාල වීඩියෝ පටවල ඇත්තේ ඔවුන් ප්‍රශ්න මතුකළ කොටස් පමණි. අප විසින් ඒ සඳහා ලබා දුන් පිළිතුරු හා පැහැදිලි කිරීම් එහා අඩංගු නොවේ.
ඒ අතර ඊශ්‍රායලයේ සේවය කරන පුද්ගලයන් තානාපති කාර්යාලය හා ඊශ්‍රායිල් ජාතිකයන් ශ්‍රී ලංකාවේ අපදා ගිණුමට ගිණුම් ගත කරන මුදල් පිළිබඳව ගක්නංඅයක් කොට එය සැමරුමක් ලෙස රජය වෙනුවෙන් ඇමතිවරයාට ලබා දීම සඳහා මෙහි සේවය කරන කණ්ඩායමක් විස්තර එක් කළ අතර ඒ සඳහා තානාපති කාර්යාලයේ නිලධාරීන් ලබා දුන් මුදල් හා තානාපති කයාලයට ලබාදීමෙන් පසු බැංකු ගතකරන ලද මුදල් ද ඇතුලත්ව තිබුණි. ඊශ්‍රායලය තුළ මෙවැනි මුදල් එකතුකිරීමට අවස්ථාවක් නොමැති බැවින් අදාළ මුදල් ගිණුම් ගත කොට තොරතුරු ලබා දෙන ලෙස විමසීම් කරන ලද සියලු දෙනාට දැනුම් දෙන ලදී. ඒ ඇතුව තානාපති කාර්යාලයට ලද රිසිට්පත් පවා අදාල කණ්ඩායමේ ගණනයට එකතු කරන ලදී.
එම බැංකු සටහන ඇමතිවරයාට බාර දෙන අවස්ථාවේ එහි සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අතර වචන හුවමාරුවක් සිදු වූ අතර කවුරුන් හෝ එක පටිගත කොට හෝ සජීවීව විකාශනය කොට අසමහර මාධ්‍යය වෙත මුදා හැර තිබුණි.
මෙම සිද්ධිය අහම්බයක් බවත් පැමිණ සිටි අමාත්‍යවරයාට හෝ නිලධාරීන්ට කිසිවෙකුගේ විරෝධයක් එල්ල නොවූ බව මෙහි සටහන් කරමි.
අදාළ සිද්ධියේ අනවශ්‍ය ලෙස ප්‍රශ්න කළ එක් ශ්‍රී ලාංකිකයෙකු ඒ පිළිබඳව කනගාටුව පළකරමින් එවන ලද සටහන පහත දැක්වේ.


