ඓතිහාසික දඹුලු රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද හිමි 26 උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින්, ප්‍රකාශ කරන ලද්දේ,
“දඹුලු විහාරය සතු ඉඩම් රජයට පවරා ගත්තට පස්සේ වෙනත් ක්‍රියාවලීන් සිදු වෙනවා. දඹුලු විහාරයේ මේ ඉඩම් ලබා දුන්නේ දඹුල්ලේ සංවර්ධනයට. දැන් මේ වනවිට තිබෙන ගැටලුව තමයි බදු දීම, අන්සතු කිරීම් සිදු කෙරෙනවා. නාගරික සංවර්ධන අධිකාරියට මෙවැනි දෑ කරන්න කිසිම අයිතියක් නෑ. අපි සද්භාවයෙන් සංවර්ධනය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දඹුලු විහාරයේ ඉඩම් බදු දීලා තියනවා. ඒක වහාම නැවත අත්පත් කරගන්න කඩිනමින් කටයුතු කළ යුතුයි.දඹුලු නගරයේ මැඳ ඉඩම් බදු දීම ජනාධිපති කාර්යාලයෙන් සිදුවන බව ජනාධිපති කාර්යාලයෙන් සිදුවන බව බදුකරුවන් ප්‍රකාශ කරනවා. අපි ලබා දුන් ඉඩම් නැවත බදු දෙන්නේ ඇයි. අද වනවිට සංවර්ධනය මුවාවෙන් දඹුලු විහාරය වටේ ඉඩම් කොල්ලකනවා. මේ ජාවාරම වහාම නතර කළ යුතු බවත්”, පූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද හිමි පවසනවා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical


