Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»දේශීය»සාමූහිකත්වය සහ ආයතනික විශිෂ්ටත්වය අගයමින් HUTCH Pinnacle සම්මාන උළෙල පවත්වයි
    දේශීය

    සාමූහිකත්වය සහ ආයතනික විශිෂ්ටත්වය අගයමින් HUTCH Pinnacle සම්මාන උළෙල පවත්වයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 7, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    HUTCH සමාගම වසරේ විශිෂ්ටයින් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ ‘Pinnacle Awards’ සම්මාන උළෙල, සිය ආයතනික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සාම්ප්‍රදායික දෙපාර්තමේන්තුමය සීමාවන් සහ තනි පුද්ගල ඇගයීම්වලින් ඔබ්බට යමින්, ආයතනයේ විවිධ අංශ අතර පවතින අන්තර්-ක්‍රියාකාරී සාමූහිකත්වය අගය කිරීම මෙම උළෙලේ මූලික අරමුණ විය. Monarch Imperial පරිශ්‍රයේ පැවති මෙම උත්කර්ෂවත් සැමරුම සඳහා ආයතනික නායකත්වය සහ සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. පසුගිය වසර පුරාවට සමාගම අත්කරගත් ශීඝ්‍ර වර්ධනයට සෘජුවම දායක වූ සේවක කැපවීම සහ ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි.

    HUTCH සමාගම විදුලි සංදේශ කර්මාන්තයේ පවතින සාම්ප්‍රදායික රටාවන් අභියෝගයට ලක් කරමින් වේගවත් වර්ධන මාවතක ගමන් කරමින් සිටී. ආයතනික සංස්කෘතියේ පෙරළියක් ඇති කරමින්, නවෝත්පාදනය, අන්තර්-සහයෝගීතාවය, සාමූහික ක්‍රියාකාරිත්වය මෙන්ම කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීම,  ආයතනික ස්ථායීභාවය සහ ප්‍රතිසාධන හැකියාව වර්ධනය කිරීමට සමාගම කටයුතු කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පසුගිය වසර තුන පුරාවට අඛණ්ඩව ද්විත්ව අගයක වර්ධනයක් (double digit growth) වාර්තා කිරීමට සමාගමට හැකි වී ඇති අතර, එසේ කළ එකම විදුලි සංදේශ ක්‍රියාකරුවා වන්නේද HUTCH සමාගමයි.

    මෙම උත්සවයේදී නවෝත්පාදනය (Innovation), ක්‍රියාවලි වැඩිදියුණු කිරීම (Process Enhancement), ක්‍රියාත්මක කිරීම (Execution), එකමුතුකම (Unity), පාරිභෝගික බලපෑම (Customer Impact), ඩිජිටල් පරිවර්තනය (Digital Transformation), සංස්කෘතික බලපෑම (Culture Impact), වටිනාකම් නිර්මාණය (Value Creation) සහ විශිෂ්ටතම ව්‍යාපෘතිය (Best Project) යන අංශ යටතේ සුවිශේෂී සම්මාන රාශියක් ප්‍රදානය කෙරිණි. මෙහිදී වඩාත් කැපී පෙනෙන සම්මානයක් වූයේ ‘New Horizon’ සම්මානයයි. සමාගමේ මූලික මෙහෙයුම්වලින් ඔබ්බට ගොස් නව අවස්ථා විවර කරමින්, දිගුකාලීන දැක්මක් සහ නව මානයන් කරා යොමුවීමට ධෛර්යයක් පෙන්වූ කණ්ඩායම ඇගයීම සඳහා මෙය පිරිනැමිණි. සමස්ත කාර්ය මණ්ඩලයටම නාම යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වූ අතර, විනිවිදභාවයෙන් යුත් විනිශ්චය ක්‍රියාවලියක් හරහා අවසන් තරඟකරුවන් තෝරාගනු ලැබීය. ඒ සියලු දෙනාට සමාන අවස්ථා ලබා දෙමින් සහ සම්මාන උළෙලේ විශ්වසනීයත්වය තහවුරු කරමිනි.

    සාමාන්‍ය ඇගයීමකට පමණක් සීමා නොවූ මෙම අවස්ථාව කාර්ය මණ්ඩලය  තුළ පවතින එකමුතුකම, අභිමානය සහ විවිධ කුසලතාවන් සමරන උළෙලක් බවට පත් විය. විචිත්‍රවත් විනෝදාස්වාද අංගයන්ගෙන් සමන්විත වූ මෙම උත්සවය, කණ්ඩායම්වලට ඔවුන්ගේ වෘත්තීය භූමිකාවන්ගෙන් ඔබ්බට ගිය නිර්මාණාත්මක කුසලතාවන් ප්‍රදර්ශනය කිරීමටද අවස්ථාව හිමිවිය. මෙම සම්මාන උළෙල තුළින් සේවකයින්හට එකිනෙකා සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවිය.

    මෙම උත්සවය පිළිබඳව අදහස් දක්වමින් HUTCH හි ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා ප්‍රකාශ කර සිටියේ, “HUTCH Pinnacle සම්මාන උළෙල සමාන්‍ය ඇගයීමකට වඩා වැඩි ප්‍රයත්නයක්  බවයි. අපගේ සාර්ථකත්වයට ප්‍රධානතම  හේතුව අපගේ කාර්ය මණ්ඩලය බව තවදුරටත්   පිළිඹිබු වෙනවා. තම වගකීම්වලින් ඔබ්බට ගොස් විශිෂ්ටත්වයක් පෙන්වන සියලු දෙනා ඇගයීම හරහා, සෑම දායකත්වයක්ම පිළිගන්නා සංස්කෘතියක් අප විසින් තවදුරටත් ශක්තිමත් කරමින් සිටිනවා. අපගේ කාර්ය මණ්ඩලය අප සියලු දෙනාටම ආඩම්බර විය හැකි විශාල පෙරළියක් සිදු කර තිබෙනවා. නමුත් එම අභිමානය පහසුවෙන් සෑහීමකට පත්වීමට හේතුවක් නොවිය යුතුයි. ඒ වෙනුවට එය වඩාත් විශාල සාර්ථකත්වයක් සඳහා වන අභිලාෂය වෙනුවෙන් අඩිතාලමක් කරගත යුතු බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.”

    2025 වසරේදී HUTCH සමාගම ‘Great HR Awards’ සහ ‘Best Employer Brands’ යන සම්මානවලින්ද පිදුම් ලබා ඇත. මානව සම්පත් විශිෂ්ටත්වය උදෙසා HUTCH සමාගම ගනු ලබන මෙම ප්‍රගතිශීලී පියවරයන් මගින්, Global Fortune 500 දර්ශකයට ඇතුළත් එහි මව් සමාගම වන CK Hutchison Holdings හි තිරසාර ඉලක්කයන් සමඟ බැඳුණු ඔවුන්ගේ කැපවීම තවදුරටත් තහවුරු කරයි

    #newsforcelkbiznews #newsforcelk #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews
    #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026

    ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බවට IMF පුරෝකථනයක්

    April 7, 2026

    හඳුන්නෙත්ති IMF නියෝජිතයන් සමග සාකච්ඡාවක්

    April 6, 2026

    මහ බැංකුව NDB බැංකුවේ සිදුවීම ගැන සොයා බැලූ විස්තරය

    April 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    දේශීය

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    ශ්‍රී ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට රැගෙන ගිය අසහාය කලාකාරිණියක වූ අභාවප්‍රාප්ත කලා ශූරී, විශ්ව…

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026

    සාමූහිකත්වය සහ ආයතනික විශිෂ්ටත්වය අගයමින් HUTCH Pinnacle සම්මාන උළෙල පවත්වයි

    April 7, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026

    සාමූහිකත්වය සහ ආයතනික විශිෂ්ටත්වය අගයමින් HUTCH Pinnacle සම්මාන උළෙල පවත්වයි

    April 7, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.