නවීන තාක්ෂණය මුසු කොට, ‘සුවසැරීය’ ගිලන් රථ බල ඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ සඳහා අවශ්‍ය වූ සැලසුම් සහ ක‍්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවත්, මෙම ගිලන් රථ සේවාවට ලොව පවතින නවීනතම තාක්ෂණය එක් කරමින්, නව්‍යකරණයට ලක් කිරීමටද කටයුතු කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තවත් ගිලන් රථ 100 ක් ලබා ගැනීමට කටයුතු කරන බව ද, එසේ ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන් රථ 20 ක්ද, තවත් ගිලන් රථ 25 ක් ප්‍රදානයක් ලෙස ද ලැබීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

