දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියම කළා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version