හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද (05) දිනයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
ඒ අනුව ඔහු අද දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තු ලබා ගන්නා බව පොලීසියෙන් දැනුම්දීමක් කර ඇත.
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
එමෙන්ම මෙම සිද්ධියට අදාළව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා ඊයේ (4) අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
සතොස ආයතනයේ ලොරි රථයක් හිටපු ඇමතිවරයාට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමට ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුට කූඨ ලේඛන සකස්කර දුන් බවට එල්ලවූ චෝදනාව මත ඔහු එළෙස රක්ෂිත බන්ධනාගාරව ඇත.

