Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»දේශීය»JKCG Auto BYD සහ DENZA විදුලි වාහන සඳහා Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් දිරිමත් කරයි
    දේශීය

    JKCG Auto BYD සහ DENZA විදුලි වාහන සඳහා Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් දිරිමත් කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 8, 2026No Comments4 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto මෙරට විදුලිය භාවිතය පිළිබඳව මෑතකදී නිකුත් වූ ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කරයි.

    පවතින ඉන්ධන අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් විකල්ප ප්‍රවාහන විසඳුම් සොයා යාමත් සමඟ, නව බලශක්ති වාහන (NEV) සඳහා වන ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වී ඇත. එමෙන්ම, මීට පෙර රටේ පැවති විදුලිය බිඳවැටීම් පිළිබඳ අත්දැකීම් සමඟින් මෙම පරිවර්තනය ඉතා සැලකිලිමත්ව කළමනාකරණය කිරීම වැදගත් වේ. මෑතකදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් විදුලිය අරපරිස්සමෙන් භාවිතා කිරීමේ අවශ්‍යතාවය නැවතත් අවධාරණය කරයි. එබැවින්, නව බලශක්ති වාහන භාවිතය ඉහළ යාමත් සමඟම, වගකීමෙන් යුතුව බලශක්ති භාවිතය සහ ඒ සඳහා අවශ්‍ය නිසි යටිතල පහසුකම් තිබීම අත්‍යවශ්‍ය කරුණකි.

    විදුලි වාහනයක් charge කිරීම සඳහා වැය වන්නේ ඉන්ධන සඳහා වැය වන මුදලින් ඉතා සුළු කොටසක් පමණක් වන අතර, නඩත්තු කටයුතු ද සැලකිය යුතු ලෙස අවම බැවින් පාරිභෝගිකයින්ට විශාල මුදලක් ඉතිරි කර ගත හැකිය. රටේ මේ වන විට පවතින බලශක්ති අභියෝග කළමනාකරණය කරගැනීමට දායක වෙමින්, සියලුම BYD සහ DENZA  වාහනවල අන්තර්ගත කර ඇති Smart Charging විශේෂාංගයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස JKCG Auto සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. මෙමගින් පාරිභෝගිකයින්ට තම මුදල් උපරිමයෙන් ඉතිරි කර ගැනීමට මෙන්ම ජාතික විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීමටද සෘජු දායකත්වයක් ලබා දිය හැකිය.

    සියලුම JKCG Auto පාරිභෝගිකයින් වෙත 7kW සහ 2.5kW බලයකින් යුත් නිවසේදී භාවිත කළ හැකි විදුලි chargers ලබා දී ඇත. වාහනවල ඇති smart scheduling පද්ධති සමඟ මෙම chargers භාවිත කිරීමෙන්, පාරිභෝගිකයින්ට ජාතික බලශක්ති අවශ්‍යතාවලට ගැළපෙන පරිදි තම වාහන charge කරගත හැක. එමඟින් ඉහළ කාර්යක්ෂමතාවයක් අත්කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ විදුලි පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටද අවස්ථාව හිමි වේ.

    “අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ BYD සහ DENZA වාහනවල ඇති Smart Charging හෝ scheduling විශේෂාංග ඇතුළු සියලුම ස්මාර්ට් තාක්ෂණයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපි ඔවුන්ව දිරිමත් කරනවා. මෙමඟින් වාහනය විදුලියට සම්බන්ධ කළ සැනින් charge වීම වෙනුවට, කලින් නියම කරගත් නිශ්චිත වේලාවන්හිදී charge වන පරිදි සකස් කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනවා,” යනුවෙන් John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේය.

    “මේ ආකාරයට වාහනයක් මුළු රැයක් පුරාම විදුලි පද්ධතියට සම්බන්ධ කර තිබුණද, විදුලි ඉල්ලුම අවම (off-peak) වේලාවන්හිදී පමණක් එය charge වීම සිදු වනවා. මෙමඟින් ජාතික විදුලි බල පද්ධතියට එල්ල වන පීඩනය අවම වන අතර පාරිභෝගිකයින්ටද සහනදායී මිලකට ඔවුන්ගේ විදුලි පිරිවැය සීමා කරගත හැකියි. විදුලි වාහන භාවිතය ඉහළ යන මෙම කාලයේදී මෙවැනි වැදගත් පියවරයන් මෙන්ම නිවෙස්වල සවිකරන සූර්ය පැනල වැනි විසඳුම් ද ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකියි.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    Smart Charging ක්‍රමවේදයන් මඟින් රටේ විදුලි ඉල්ලුම අවම කාලවලට විදුලි වාහන charge කිරීමට උපකාරී වේ. එමෙන්ම, නිවසේ සූර්ය බලශක්ති පද්ධති සවිකර ඇති පාරිභෝගිකයින් හට එමඟින් නිපදවෙන පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිත කිරීමටද අවස්ථාව සැලසේ.

    ඒ අනුව, විදුලි ඉල්ලුම උපරිම වන සවස 6:30 ත් රාත්‍රී 10:30 ත් අතර කාලය තුළ විදුලි වාහන charge කිරීමෙන් වළකින ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතර ඒ වෙනුවට, විදුලි ඉල්ලුම අවම (off-peak) කාලසීමාව වන රාත්‍රී 10:30 ත් පසුදා අලුයම 5:30 ත් අතර කාලය තුළ විදුලි වාහන charge කිරීමට පාරිභෝගිකයින් දිරිමත් කරනු ලැබේ. එමෙන්ම, නිවසේ හෝ සේවා ස්ථානයේ සූර්ය බලශක්ති පද්ධති සවිකර ඇති පාරිභෝගිකයින්ට ද පෙ.ව. 8:00 ත් ප.ව. 4:00 ත් අතර කාලය තුළ සූර්ය බලයෙන් නිපදවෙන විදුලියෙන් උපරිම ප්‍රයෝජන ගන්නා පරිදි සිය වාහන charge කිරීමට සුදුසු පරිදි කාලසටහන් සකස් කරගත හැකිය.

    කාල සීමාව කාල පරාසයනිර්දේශයහේතුව
    උපරිම ඉල්ලුම් කාලයප.ව. 6:30 –  ප.ව. 10:30විදුලිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළකින්නජාතික විදුලි බල පද්ධතියට උපරිම පීඩනයක් එල්ල වන සහ විදුලිය සඳහා වැඩිම පිරිවැයක් වැය වන කාලය.
    අවම ඉල්ලුම් කාලයප.ව. 10:30 – පෙ.ව. 5:30භාවිතයට වඩාත්ම සුදුසුයිවිදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින සහ පිරිවැය අවම වන කාලය.
    සූර්ය බලශක්තිය උත්පාදන කාලයපෙ.ව 8:00 –  ප.ව. 4:00(ආසන්න වශයෙන්)සූර්ය පද්ධති ඇත්නම් වඩාත් යෝග්‍ය වේසූර්ය පැනල මඟින් නිපදවෙන අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය මෙහිදී භාවිත කෙරේ.

    නව බලශක්ති වාහන භාවිතය ඉහළ යාම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයන් වෙනස් වන බැවින්, රටේ විදුලිය ආරෝපණ යටිතල පහසුකම් පුළුල් කිරීම ඉතා වැදගත් වේ. මෙයට සේවා ස්ථානවල charge කිරීමේ පහසුකම් වැඩි වශයෙන් ස්ථාපිත කිරීමද ඇතුළත් වේ. එමෙන්ම, පුනර්ජනනීය බලශක්තිය සහ බලශක්ති ගබඩා කිරීමේ පද්ධති සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමද මෙහිදී ඉතා වැදගත් වේ.

    රටේ විදුලිය ආරෝපණ යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සහ පාරිභෝගිකයින් දිරිමත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මඟින් මෙම පරිවර්තනය සඳහා සහාය දීමට JKCG Auto අඛණ්ඩව කැපවී සිටී. එමඟින් නව බලශක්ති වාහන භාවිතයට යොමු වීම වඩාත් ප්‍රායෝගිකවත්, පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවටත් මෙන්ම ශ්‍රී ලංකාවේ වෙනස් වන බලශක්ති අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පවත්වා ගැනීමටත් අවස්ථාව සැලසේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026

    ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO වෙත ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක ආයෝජනයක් සමඟ ආයෝජන මණ්ඩල අනුමැතිය

    April 8, 2026

    Huawei තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගැනීම හා 6G සඳහා අවස්ථාව ලබා දීම වෙනුවෙන් නවතම U6GHz නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

    April 8, 2026

    GovTech App/Service Marketplace ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ…

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026

    අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

    April 8, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි

    April 8, 2026

    ලූකස් රජුට අනතුරක්

    April 8, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.