පාර්ලිමේන්තුව අද (19) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිව්වන දිනටත් පැවැත්වීමට නියමිතයි.

අද දිනයේදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00 ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පාර්ලිමේන්තුව #අයවැය #කාරකසභාව #රාජ්‍යපරිපාලන #පළාත්සභා #පළාත්පාලන #කම්කරුඅමාත්‍යාංශය #වැයශීර්ෂ #විවාදය #ශ්‍රීලංකා

Share.
Leave A Reply

Exit mobile version