Author: Kanchana

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය විය. එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 02ක් පමණක් වෙන් කර ඇති නමුත්, රුපියල් මිලියන 1,259ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත්, එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේ ද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේ දී විගමනික සංගම් සාමාජිකයින් 5,000…

Read More

ඉන්දීය ප්‍රිමියර්ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතය. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අවසන් තරගය පැවැත්වෙයි. රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම 2009, 2011 හා 2016 යන වසරවලදී ඉන්දීය ප්‍රිමියර්ලීග් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඔවුන්ට ශූරතාවය හිමිකර ගැනීමට නොහැකි විය.

Read More

හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (3) අල්ලස් කොමිසමට කැඳවා තිබුනි. පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසමෙන් පිටව ගිය බව වාර්තා වෙයි. මේ අතර 2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා…

Read More

පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වනදා වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකළ අතර එහිදී වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවෙලමුල්ලේ සාන් සුද්දා නොහොත් සම්පත් කුමාර යන අය පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි. එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී තිබූ අතර පසුව පොලිස් නිලධාරීන් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර…

Read More

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද (03) ආරම්භ වුණා. එරට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295කදී ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට දකුණු කොරියානු ජනතාවට හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවර ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ තරගකරුවන් වන්නේ කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් සහ පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ යන දෙදෙනා බවයි සඳහන් වෙන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් 03 වන දින හමුදා නීතිය ප්‍රකාශයට පත් කර රට පුරා නොසන්සුන්තාවක් ඇති කිරීම හේතුවෙන් මින් පෙර එරට ජනපති ලෙස කටයුතු කළ යූන් සුක් යොල් ඔහුගේ නිල රාජකාරී කාලය අවසන් වීමට පෙර ධුරයෙන් නෙරපා දැමුණා. පසුව විපක්ෂය විසින් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අතර, එය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය…

Read More