Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»Uncategorized»හම්බෙගමුව උණ කන්ද රක්ෂිතයේ මහා පරිමාණයේ ගංජා හේනක් කෝටි දෙකක ගංජා එක්ක දෙදෙනෙක් දැලේ
    Uncategorized

    හම්බෙගමුව උණ කන්ද රක්ෂිතයේ මහා පරිමාණයේ ගංජා හේනක් කෝටි දෙකක ගංජා එක්ක දෙදෙනෙක් දැලේ

    Bandara SenanayakaBy Bandara SenanayakaOctober 27, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හම්බෙගමුව  උණ කන්ද රක්ෂිතයේ මහා පරිමාණයේ ගංජා හේනක් කපා වේලා අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ වියලි ගංජා කිලෝ 406 ගෑම් 800ක්, ගංජා පැළ 12825ක්  හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

    යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය, කොළඹ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු හා 58 හැවිරිදි පුද්ගලයෙක්.

    වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් විසි එක් හැවිරිදි සැකකරු අලෙවි කිරීම සඳහා වියලි ගංජා පාර්සල් කරමින් සිට ඇති අතර පනස් අට හැවිරිදි සැකකරු ගංජා වගාවක් සඳහා සාත්තු කරමින් සිටි බව වාර්තා වෙනවා.

    අත් අඩංගුවට ගත් වියලි ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

    සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

    වැටලීමේදී  සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද අත්අඩංගුවට ගෙන තිබුණා.

    සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල මූලස්ථාන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි කමල් එන් ගුණවර්ධන, තණමල්විල සහකාර පොලිස් අධිකාරි බී.යූ.පී. මානයන්ගම, තණමල්විල  මූලාස්ථාන ප්‍රධාන පොලිස්පරීක්ෂක ඩි. එම්. පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සහ උඩවලව විශේෂ බලකා කදවුරේ අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක නුවන් කුමාරගේ  ප්‍රධානත්වයෙන්  විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා බුද්ධි නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

    October 28, 2025
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.