අමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන ඔපරේෂන් ඉකොනොමික් ෆියුරි නම් ආර්ථික මර්දන මෙහෙයුම හේතුවෙන් ඉරානය දැඩි අර්බුදයකට ඇද වැටී ඇති බව අමෙරිකාව පවසනවා.

මෙම මෙහෙයුම යටතේ ඉරානය සතු ඩොලර් මිලියන 500කට ආසන්න ක්‍රිප්ටෝ වත්කම් අත්පත් කරගත් බවයි අමෙරිකානි භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉරානය විසින් අමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක් කර ඇති අතර, ඔවුන් පවසන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනු ඇති බවයි.

Share.
Leave A Reply

Exit mobile version