Author: Bandara Senanayaka

නිසි සුදුසුකම් නොමැතිව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් විසින් හිතුවක්කාර ලෙස කාර්මික නිලධාරී තනතුරු සඳහා ,උසස් පෙළ සමතුන් බඳවා ගැනීමට විරෝධය පලකරමින් මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කාර්මික නිලධාරී සංඟමය ,පල්ලේකැලේ මධ්‍යම පලාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයක නිරත වූ අවස්ථාව.. මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා ,පලාත් ප්‍රධාන ලේකම් , සහ මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රධානීන් විසින් අත්තනෝමතික ලෙස නිසි වෘත්තීය සුදුසුකම් නොමැති පිරිස් කාර්මික නිලධාරී තනතුරු වලට බඳවා ගැනීම වහා අත්හිටුවන ලෙස මෙම උද්ඝෝෂණයට එක්වූ මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී සංඟමයේ සභාපති ඉඳුනිල් චන්ද්‍රසේකර මහතා පැවසීය.

Read More

2026 වසර සඳහා 5% ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළද, මාර්තු මාසයෙන් අනතුරුව ගෝලීය ආර්ථික තත්ත්වයේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් එම ඉලක්කය සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයක් කිරීමට අපහසු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වය මතුවීමට පෙර 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 5ක මට්ටමක පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබූ බවය. එහෙත් අප්‍රේල් මාසයෙන් පසු ගෝලීය ආර්ථිකයේ ඇති වූ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ තත්ත්වය කෙසේ වෙනස් වේදැයි නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු වී ඇති බවද ඔහු පැවසීය. මෙම බලපෑම මාස තුනකින් පමණ අවසන් වී, ඉන් අනතුරුව තත්ත්වය යථා තත්ත්වයට පත් වුවහොත්, ආර්ථික වර්ධනය…

Read More

මින් ඉදිරියට දන්සැල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා පැවසීය. රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සඳහා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මීට අදාළ චක්‍රලේඛය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නිකුත් කර ඇතිබවද ඒ මහතා පැවසීය. “දන්සැල් පැවැත්වීමේදී අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම, දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩියක් භාවිත කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක මේ වෙනකොට චක්‍රලේඛනයක් නිකුත්…

Read More

කොටිකාවත්තේ ශ්‍රී නාගරුක්රාම විහාරස්ථානයේ ධාතු මන්දිරය බිඳ රුපියල් 58,000/= ක වටිනා රන් භාණ්ඩ හොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇති බව වැල්ලම්පිටිය පොලිසිය අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවේ දැන්වුවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කර සිටියේ පන්සල අවට පුද්ගලයෙක් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාලව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ ඇති බවයි. විහාර මන්දිරයට ඇතුළු වී ධාතු මන්දිරයේ තිබූ රුපියල් 25000ක් වටිනා රන් මාලයක් සහ රුපියල් ලක්ෂ තුනක් වටිනා රන් පලඳනාවක් එසේ සොරාගෙන ඇති බවයි පොලිසිය අධිකරණයට සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බවද පොලිසිය අධිකරණය දන්වා සිටියා.

Read More

රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සමග කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටවීමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද (18) උදෑසන 9.30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. මෙම සැකකරුවන් දෙදෙනා, ගමන් මලු දෙකක් තුළ සඟවාගෙන තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක ප්‍රමාණයක් රැගෙන ආ බව වාර්තා වේ. ඇඳුම් අතර සූක්ෂම ලෙස ඇසුරුම් 28ක් ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.…

Read More

පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ ක්‍රමවේදය කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වන විටත් එම වගා හානි සම්බන්ධව තොරතුරු එක්රැස් කරමින් පවතින බවත් ඒ අනුව ගොවීන්ට සිය වගා හානි සම්බන්ධව තොරතුරු අදාළ නිලධාරීන් වෙත ලබා දිය හැකි බවත්ය. “ඊයේ පෙරේදා වර්ෂාවක් ඇවිල්ලා යම් යම් වගාබිම් හානි වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව අපි කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් සහ අනෙකුත් දෙපාර්තමේන්තු මගින් පණිවිඩ දීලා තියෙනවා සති දෙකක් ඇතුළත ඒ හානි වෙච්ච සියලුම වගාවන් වාර්තා කරන්න ඒ අනුව…

Read More

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඌව පරණගම මස්පන්න කුඩා නගරය ආසන්නයේ දී පස් කන්දකට යට වු ත්‍රීරෝද රථයක් දින 171ට පසු සොයා ගෙන තිබේ. මස්පන්න නගරයේ බස් නැවතුම ආසන්නයේ සිදු වු නායයෑමක් හේතුවෙන් ඒ ආසන්නයේ නවතා තිබු බස් රථ කිහිපයක්, යතුරුපැදි කිහිපයක්, ත්‍රීරෝද රථ කිහිපයක් හා වෙළෙඳසැල් කිහිපයක් ද පස් හා ගල්වලින් යටවිය. එම ස්ථානයේ පැවති අවදානම හේතුවෙන් පස් හා ගල් ඉවත් කිරීම මන්දගාමීව සිදු වූ අතර මේ දිනවලදී එම කටයුතු සිදු කරමින් පවතී. මෙලෙස පස් සහ ගල් ඉවත් කරන අවස්ථාවේ මෙම ත්‍රීරෝද රථය හමුව ඇති අතර එය වලපනේ ඩිපෝවේ සේවය කරන කොන්දොස්තර මහතෙකුගේ බව ද පැවසේ. ඔහු එදින රාත්‍රියේ…

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදුවූ රුපියල් කෝටි 1,590ක් පාඩුව අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (18) ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 27 වනදා කැඳවන ලෙසයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයේ “දිට්වා” ආපදා වන්දි ගෙවීම් ක්‍රියාවලියට අදාළව මුදල් අක්‍රමිතාවක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරනරාල දිස්ත්‍රික් ලේකම්වරයා ඒ පැහැලිදි කිරීම සිදුකළේය. “මොනරාගල දිස්ත්‍රික්කයේ “දිට්වා” ආපදාවෙන් පුද්ගලයින් 5,435ක් පවුල් 1,65කට අදාළ හානි සිදුවුණා. 2025.12.31 වනවිට පුර්ණ හානියට පත්වුණ නිවාස 79ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ආර්ධ හානි නිවාස 559ක් වාර්තා වෙලා තියෙනවා. රජයේ නීති චක්‍රලේඛ අනුව අපි ගෙවීම් කරලා තියෙනවා.. රුපියල් 25,000 දීමනාව ගෙව්වා. රුපියල් 50,000 දීමනාව ගෙව්වා. දරුවන්ට පාසල් පොත්පත්වලට අදාළ දීමනාව ගෙව්වා. ඒ වගේම කුලී දීමනාව ලබාදීම සිදුකළා. පාසල් සිසුන්…

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටාදක්වමින් Cricbuzz වෙබ් අඩවිය සඳහන් කළේ, අගෝස්තු 15 සිට 27 දක්වා මෙම තරග පැවැත්වෙනු ඇති බවය. කෙසේ වෙතත් තරග පැවැත්වෙන දින සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නැත. මෙම තරග ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග සම්බන්ධයෙන් මේ දක්වා කිසිම නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව සඳහන්වේ

Read More