Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මැදපෙරදිග කලාපීය ගැටුම් නිමා කිරීම අරමුණු කරගනිමින් ඉරානය විසින් සංශෝධනය කරන ලද නව යෝජනාවලියක් පාකිස්ථානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත භාරදී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ, දෙපාර්ශවය අතර පවතින ප්‍රධාන මතභේදාත්මක කරුණු හේතුවෙන් සාම සාකච්ඡා මේ වන විට අඩාල වී ඇති පසුබිමක පාකිස්ථානය මෙම මැදිහත්වීම සිදුකර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම නව යෝජනාවලියේ අන්තර්ගත කරුණු මොනවාදැයි මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැහැ.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබාදී තිබේ. මැයි 19 වන දිනයට යෙදෙන 17 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව මෙම උසස්වීම් ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. මව්බිම තුළ සාමකාමී යුගයක් උදාකරලීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉටුකළ අමිල සේවය අගය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි 19 වන දින මෙසේ ජාතික රණවිරු සැමරුම් දිනය සමරනු ලබයි. අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් සිදු කරනු ලැබේ.
දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව මෝසම් මාර්ගයෙන් අද (18) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චාමර සම්පත් දසනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී විත්තිකරුට විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍ය වී තිබෙන බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළේය. 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාව සඳහා රේඛනය…
ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334 ඉක්මවා ගොස් තිබේ. මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.74ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 334.26ක් ලෙස සටහන් වී ඇත. 2023 නොවැම්බර් 29 දින ඩොලරයේ විකුණුම් මිල රු. 334.22ක් ලෙසින් සටහන්ව ඇති අතර ඉන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම විකුණුම් මිල මෙලෙස අද දිනයේ දී වාර්තා වී ඇත. 2023 මාර්තු 20 දින ඩොලරයක ගැනුම් මිල රු. 331.71ක් වශයෙන් වාර්තා වී තිබෙන අතර අද දින මෙලෙස සටහන්ව ඇත්තේ ඉන් පසුව වාර්තා වන ඉහළම ගැනුම් මිලයි.
සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය. අග්‍රමාත්‍යවරිය සමග තවත් දෙදෙනෙකු දූත පිරිස ලෙස එක්වී සිටි බව newsforce.lk ගුවන් තොටුපල වාර්තාකරු පැවසීය. ඔවුන් අද පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ. ඔවුන් සිය චාරිකාව නිම කර එළැඹෙන 23 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
පාදුක්ක වටරැක – බෙරුකැටිය මාර්ගයේ බෙරුකැටියට ආසන්නව පාළු ප්‍රදේශයක රාත්‍රී කාලයේදී මාර්ගය හරහා කම්බි ඇද, එම ස්ථානයෙන් ගමන් ගන්නා යතුරුපැදි වට්ටවා කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු අද (18) ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත. පෙර දිනයක එලෙස මාර්ගය හරහා ඇද තිබූ කම්බියක පැටලී තරුණයකුගේ ගෙල ප්‍රදේශය ද කැපී තුවාල සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයේ 17 වැනි සැමරුමට සමගාමීව, රට වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිතභාවයට පත්වූ රණවිරුවන්ට උපහාර පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් අද අවිස්සාවේල්ල, සාලාව රණවිරු ගම්මානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්වූ අතර, රටේ ඒකීයභාවය සහ ජනතා නිදහස වෙනුවෙන් දිවිපුදා සේවය කළ රණවිරුවන්ගේ කැපවීම අමතක කළ නොහැකි බව මෙහිදී අවධාරණය කෙරිණි. මෙහිදී රට වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝධාර රණවිරුවන් 31 දෙනෙකුගේ පවුල් වෙත උපහාර පිරිනැමූ අතර, යුද්ධයේදී ආබාධිතභාවයට පත්ව වර්තමානයේ ජීවත්වන රණවිරුවන් 76 දෙනෙකුට ද ගෞරව සහ කෘතවේදීත්වය පළ කරමින් විශේෂ උපහාර දැක්වීම සිදුකෙරිණි. රණවිරුවන්ගේ අභිමානය හා කැපවීම අගය කරමින් පැවැති මෙම වැඩසටහන…
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. අද (18) අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේදී පැවැති සාකච්චාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පැවැති සාකච්ඡාවේදී හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කළ බැවින් මේ මොහොත් එම පරිශ්‍රයෙන් ඉවත් වීමට තමන ඇතුළු පිරිස කටයුතු කරන බවත්ය. “අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වෙලා තියෙනවා මල්වානේ ඉඩම ඉදිරියේදී හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවට පවරන්න. අපි ඉල්ලපු…
උපුල් සාලිය අලදෙණිය මහතා 1963 මැයි 1 වන දින මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ උපත ලැබීය. ඔහුගේ පියා එස්.එම්. කුඩා බණ්ඩා වන අතර මව ඉන්ද්‍රාවතී විජේසිංහ අලදෙණියය. පවුලේ දෙවැනියා වූ ඔහුට අක්කා කෙනෙකු සහ මල්ලි කෙනෙකුද සිටියහ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සාලිය, උසස් පෙළෙන් පසුව 1989 අප්‍රේල් 21 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්විය. දියතලාව හමුදා පීඨයේ මූලික පුහුණුවෙන් පසුව ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස සේවය ආරම්භ කළේය. ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ අභීත වීරත්වය, නායකත්වය සහ සහෝදර සෙබළුන් වෙනුවෙන් තම ජීවිතය පවා කැප කළ අතිවිශිෂ්ට නිලධාරියෙකු ලෙස කපිතාන් උපුල් සාලිය අලදෙණියගේ නම…
2005 වර්ෂයේ නොවැම්බර් මස 19 වන දින මා ජනාධිපති ධුරයට පත් ව දින 08කට අනතුරුව පැවති එල්ටීටීඊ සැමරුම් දිනයේ දී ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් විසින් සිදු කළ සැමරුම් දින කතාව කෙරෙහි දේශීය සහ විදේශීය වශයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පැවතිණි. නව රජය ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ඉඩ නොදී දැඩි මතධාරී පිළිවෙතක් අනුගමනය කළහොත් ඔවුන් විසින් ස්වයං පාලනයක් ස්ථාපනය කරනවා යන්න එම කතාවෙහි අන්තර්ගතය විය. 2006 වසරෙන් අඩක් ගෙවී යන තුරු ද අප සියල්ල ඉවසමින් රජයක් ලෙස සාම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන ලදී. එහෙත්, ත්‍රස්තවාදීන් සුපුරුදු පරිදි සාම වැඩ පිළිවෙලට මුවා වී තම ත්‍රස්ත ක්‍රියා දිගින් දිගටම සිදු කළහ. ඔවුන් හමුදා රථ…
