Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. ඊයේ (17) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදි සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහරදීමට තැත් කර තිබේ. පසුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු රෝහලින් පලා ගොස් ඇත. එහිදී ජංගම සංචාරක නිලධාරියෙකු සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු නිලධාරියාගේ ගිනිඅවිය උදුරා ගැනීමට තැත්ත් කර තිබේ. එම අවස්ථාවේදි ඇතිවූ තත්ත්වය මත සැකකරුට වෙඩි වැදී ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමටද පොලීසිය පියවර ගෙන ඇත. පොලීසිය…
බගවන්තලාවේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදි පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ ගැටී අනතුරක් සිදු වී ඇත. මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේදීය. බස් රථ දෙකම එකම දිසාවකට ධාවනය වී ඇති අතර, නෝර්වුඩ් නගරයේ සිට ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථය ඉස්සර කර යෑමට පෞද්ගලික බස් රථයේ රියදුරු උත්සහ කිරිමෙදි පෞද්ගලික බස් රථයේ ලංගම බස් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදු වී ඇත. අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, අනතුරින් බස් රථ දෙකට…
එක්සත් රාජධානියට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර විශේෂ හමුවක් සංවිධානය කර තිබේ. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත මෙම අවස්ථාව සඳහා ආරාධනාවක් කෙරෙන අතර , මෙම හමුව 2026 මැයි 20 වන බදාදා පස්වරු 7:00 ට ස්ලාව් (Slough) හි පිහිටි ‘Crystal Grand Banqueting Hall’ හිදී පැවැත්වීමට නියමිතය. කෙසේ වුවද, මෙම හමුව සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රාත්‍රී භෝජන සංග්‍රහය සහ ශාලා පහසුකම් වෙනුවෙන් පවුම් 25 ක ගාස්තුවක අය කිරීමට පියවර ගෙන තිබේ. මේ සඳහා වන ආරාධනා පත්‍රය මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, අග්‍රාමාත්‍යවරිය හමුවීම…
වර්තමාන රජයේ පාලන කාලය තුළ මෙරට ආර්ථිකය දැඩි අගාධයකට ඇද දමා ඇති බවත්, මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ රටේ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන පහකින් ඉහළ ගොස් ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. කරුණානායක මහතා පෙන්වා දෙන්නේ 2024 සැප්තැම්බර් මාසයේදී රුපියල් ට්‍රිලියන 28.3ක් ලෙස පැවති මෙරට සමස්ත ණය ප්‍රමාණය, මේ වන විට රුපියල් ට්‍රිලියන 33.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය රුපියල් බිලියන 5000ක දැවැන්ත ණය වැඩිවීමක් බව ඔහු අවධාරණය කරයි. එසේම, මීට පෙර රුපියල් 290ක්ව පැවති ඇමෙරිකානු ඩොලරයක අගය මේ වන විට රුපියල් 331 දක්වා ඉහළ ගොස් ඇති බව පවසන ඒ මහතා, මහ බැංකුව සහ…
යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේ දී හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සදහන් කළේය. මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේය. එහිදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා, “පසුගිය වසරවල වගේම මේ වසරෙත් මැයි 19 වෙනිදාට බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ සැමරුම්…
රථ වාහන හසුරුවන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම්වල සවි කිරීම සඳහා මුල් පියවර වශයෙන් ඉතා සියුම් කැමරා පන්සියයක් ගෙන්වා ගැනීමට ටෙන්ඩර් කැදවා ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය. මේ අනුව ක්‍රම ක්‍රමයෙන් මෙම කැමරා මෙසේ ගෙන්වන බව ද එම ප්‍රකාශකයා කීවේය. මෑතකදී සිටි මාර්ග නීති කඩකරන ඇතැම් රියැදුරන් සහ පොලිස් නිලධාරීන් අතර මත ගැටුම් සිදුවෙන අයුරු නිතර නිතර සමාජ මාධ්‍යවලින් දකින්නට ලැයධන බවත් මෙම කැමරා සව් කිරීමෙන් සැබෑ තතු අනාවරණය විය හැකි බවත් පොලිසිය කියයි. මෙම කැමරා නිල ඇඳුමේ සව් කිරීමෙන් චීනය කඩන පොලිස් නිලධාරීන් පවා හඳුනා ගැනීමට හැකි බව පොලිස් ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඉදිරි කාලයේදී මෙම කැමරා ක්‍රම ක්‍රමයෙන් මෙරටට…
මල්වානේ පිහිටි අක්කර 16ක භූමිය තුළ අඛණ්ඩව සිව්වන දිනටත් සිදුකරගෙන යන අරගලයෙන් ඉවත් වන්නේ නම්, ඒ සඳහා බලධාරීන්ගෙන් නිශ්චිත පොරොන්දුවක් ලැබිය යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා අවධාරණය කරයි. බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි මුලින් පැවසූවද පසුව අධිකරණ අමාත්‍යංශය යටතට පවරා තිබෙන මෙම රජයේ දේපළ, විරෝධතාවය සඳහා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව මේ වන විට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මෙම අරගලය ආරම්භ කරනු ලැබුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන ලෙස ආණ්ඩුවට පීඩනයක් ලබා දීමට බවත්, මේ වන විට ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද එකම පැත්තේ සිටගනිමින් ශිෂ්‍යයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බවත් ඔහු පවසයි. අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ…
ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබූ ශ්‍රී ලාංකික අපරාධකරුවන් 60 දෙනෙකු අතරින් හරි අඩක්ම මේ වනවිට උන්හිටි තැන් අත්හැර පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ පිළිබදව රහස් පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ අපරාධකරුවන් පිරිස කුමන රටකට පැනගිය ද ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවය. පොළිසියට අවශ්‍ය රතු වරෙන්තුකරුවන් අතර මත්දුව්‍ය ජාවාරමිකරුවෝ වංචනිකයෝ විවිධ අපරාධකරුවෝ ද වෙති. මේ වනවිට රතු වරෙන්තුකරුවන් හතළිස් දෙදෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ. කවර මොහොතේ හෝ පොලිස් අත්අඩංගුවට පත්වෙන ධව දැනගෙන මෙම අපරාධකරුවන් මෙසේ උන්හිටිතැන් අත්හැර ගොස් ඇතැයි රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ.
ලෝවාසී බෞද්ධ ජනතාවගේ ඉහළම ගෞරවයට පාත්‍ර වන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෞඛ්‍ය සහ අනාගත පැවැත්ම පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇති බව ට වාර්තා වෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුවෙහි මෑතකදී සිදුකර ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් මොරටුව විශ්වද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා විසින් නිකුත් කර ඇති තාක්ෂණික වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ. ශ්‍රී මහා බෝධි මළුවේ අතුරා තිබු වැලි තලාව වෙනුවට සිදුරු සහිත ගඩොල් වර්ගයක් ඇල්ලීම නිසා බෝධියේ පැවැත්මට අනිවාර්යයෙන්ම බලපෑම් එල්ල විය හැකි බව එහි සඳහන් වේ.ඉතිහාසයේ පටන් වැලි මතුපිටක් පවත්වා ගැනීම මගින් පසෙහි වාතාශ්‍රය සහ උෂ්ණත්වය ස්වභාවිකව පාලනය වී ඇති බවත් ගඩොල් අල්ලා සිදුකර…
ශ්‍රී ලංකාවේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (e-passports) මිලියන 3.15ක් පුද්ගලීකරණය කර නිකුත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රංශ-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් වන Thales DIS Finland Oy/Just in Time (JIT) වෙත දැවැන්ත ටෙන්ඩරයක් ලබා දීමට සූදානම් වෙයි. කෙසේ වෙතත්, මෙම ප්‍රසම්පාදන ව්‍යූහය පිළිබඳව සිදු කරන ලද විශ්ලේෂණයකට අනුව, අනාගතයේදී සාකච්ඡාවට බඳුන් කළ නොහැකි ගාස්තු හරහා බදු ගෙවන්නන්ට අතිවිශාල මුදලක් අහිමි විය හැකි “සැපයුම්කරු මතම යැපීමේ උගුලක්” (vendor lock-in trap) මෙහි පවතින බවට ප්‍රවීණයෝ අනතුරු අඟවති. මෙම ගිවිසුමට අනුව භෞතික තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සහ නඩත්තු කිරීම අදාළ සමාගම විසින් තම මූලික වියදමින් සිදු කරනු ලබන අතර, මුද්‍රණය කරන…
