Author: Bandara Senanayaka

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු තවදුරටත් නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන්ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. බූස්ස බන්ධනාගාරයේ සිටින වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සූම් තාක්ෂණයේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld…

Read More

උතුරු හා නැගෙනහිර පළාත්වල සුදුසු භූමි තෝරාගෙන එහි තල් බීජ එක්ලක්ෂ විසිදාහක් රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මේ සඳහා මිලියනයක් වෙන් කර ඇත.තවදුරටත් තල් වගාව ප්‍රවර්ධන කිරීම සඳහා ඔක්තෝබර් මාසය තල් වගා මාසය ලෙස නම් කර ඇත. ඒ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රීක් ලේඛම් කාර්යාල සම්බන්ධ කරගනිමින් නව වගා වැඩසටහන් විවිධ ප්‍රජාවන්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කර තිබේ. ඉහළ වැවිලි හැකියාවක් හා නිවරදි වගා ක්‍රම තහවුරු කර ගැනීම සඳහා තල් සංවර්ධන මණ්ඩලය විසින් තාක්ෂණික මාර්ගෝපදේශන සහ උසස් ගුණාත්මක බීජ සැපයීම සිදු කරයි. උතුරු පළාතට අමතරව නැගෙනහිර පළාතෙත්. ත්‍රීකුණාමල, අම්පාර…

Read More

රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇති බව මහබැංකු අධිපති, ආචාර්ය, එස් නන්දලාල් මහතා පවසයි. දශක ගණනාවකට පසුව, මූල්‍ය ඉලක්ක ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි, මහබැංකු- අධිපතිවරයා වැඩිදුරටත් පවසයි. රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති අතර, රාජ්‍ය වියදම් පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය පරතරය අඩු අගයක් ගෙන තිබේ. රාජ්‍ය ආදායම, අවම වශයෙන්, දළ දේශීය නිෂ්පාදිතනයෙන් 15.3% ක් විය යුතු බවට වූ ඉලක්කය මෙවර ඉක්මවා යනු ඇති බව මහබැංකු- අධිපතිවරයා පවසයි. ඊට අමතරව, ප්‍රාථමික අතිරික්තය, ලබා දී තිබෙන ඉලක්කය වන 2.3% සීමාව ඉක්මවා යනු ඇති බවටද මහබැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි. ලබන වසර වන විට උද්ධමනය 5%…

Read More

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත.එම නිවේදනය අද (24) උදෑසන 10ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.ඒ අනුව කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ. අද (24) දින පෙ.ව. 5.30 වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශදේ අඩු පීඩන…

Read More

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී එම බෝට්ටුව පොලිස් භාරයට ගෙන තිබෙන අතර.මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී තිබේ.

Read More