Author: Bandara Senanayaka

එක්සත් ජනපදය විසින් සිය ලොව විශාලතම යුද නෞකාව කැරබියන් දූපත් දෙසට යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. USS Gerald R Ford නම් වූ මෙම ගුවන් යානය ගුවන් යානා 90ක් දක්වා රැගෙන යා හැකි එක්සත් ජනපදය සතු ලොව විශාලතම යුද නෞකාව ද වේ. මෑත සතිවලදී එක්සත් ජනපදය විසින් කැරබියන් දූපත්වල සිය හමුදා පැවැත්ම වැඩි කරමින් සිටින අතර මේ සඳහා තවත් යුද නැව් 8ක් න්‍යෂ්ටික සබ්මැරීනයක් මෙන්ම F-35 ගුවන් යානාද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ. පෙන්ටගනය මේ සම්බන්ධව නිවේදනය කර ඇත්තේ නෞකාව මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව මෙන්ම කැරිබියන් දූපත්ද ඇතුළත් එක්සත් ජනපද දකුණු අණදෙන වගකීම් ප්‍රදේශයට යොදවන බවය.…

Read More

ඉන්දියාවේදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී තත්ත්පර 11.53ක කාලයක් ගත කරමින් සෆියා යාමික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි රිදී පදක්කම තත්ත්පර 11.72කින් තරගය අවසන් කළ අමාශා ද සිල්වා දිනා ගැනීමට සමත් වූවාය.

Read More

2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) පැවැත්වුණු ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරගය, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබෙනවා. එහිදී දිගින් දිගටම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවද ඉක්මවා පැය දෙකකින් පමණ පසු එක් පිලකට පන්දුවාර 34ක් බැගින් සීමාකර ආරම්භ කෙරුණා. නමුත්, පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 4.2ක් ක්‍රීඩා කරමින් සිටියදී යළිත් පිටියට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය නැවැත්වීමට සිදුවූ අතර, ඒ වනවිට ඔවුන් කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 18ක් රැස් කරගෙන සිටියා.

Read More

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 18කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. මෙවර උසස්වීම් ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය සමගින් කණ්ඩායම් 18ක් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට තරග වදිනු ඇති. මෙවර දෙදින තරගාවලියේ පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 8ක් බැගින් හිමිවන අතර, පළමු වටයේදී දස්කම් දක්වන එක් කාණ්ඩයකින් කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. මෙම දෙදින තරගාවලියේ පළමු වටය (ලීග් අදියර) 2026 ජනවාරි මස 31 දිනෙන් අවසන් වනවා. තරගාවලියේ අර්ධ…

Read More

2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ එක් එක් කණ්ඩායම සහභාගී වූ තරග 6ක් බැගින් අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු කණ්ඩායම් 4 අතරට එක් වීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ පසුගියදා (23) සමත් වෙනවා. ඒ නවසීලන්තය කණ්ඩායමට එරෙහි ව ලත් ජයග්‍රහණයත් සමඟිනුයි. ඉන්දීය ක්‍රීඩිකාවන්ට තීරණාත්මක වූ එම තරගයේ දී කාන්තා එක්දින තරග ඉතිහාසයට නව වාර්තාවන් කිහිපයක් ද එක් කිරීමට ඔවුන් සමත් වෙනවා. 24 වැනි තරගය (දිවා/රාත්‍රී), DY Patil, ඔක්තෝබර් 23, 2025, ICC Women’s World Cup කාසියේ වාසිය – නවසීලන්තය ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 53ක ජයක්. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Smriti Mandhana (ඉන්දියාව) නිමා වූ තරගයේ සුවිශේෂී කඩඉම් 340/3 (49.0) : ඉන්දියාව විසින් මෙම…

Read More

කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ. එහිදී බඩ ඉරිඟු කිලෝ 27,142ක්, සෝයා ඇට කිලෝ 9,193ක් සහල් කිලෝ 3,620ක් සහ මුං ඇට කිලෝ 2,320ක් රඳවා තබා සාම්පල රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. එහිදී එම සාම්පල කෘමි හානි සිදුව ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ගබඩා හිමිකරු කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. එහිදී කුරුණැගල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ගබඩා හිමිකරුට රුපියල් 50,000ක දඩයක් නියම කළ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝ 42,275ක් වූ ධාන්‍ය තොග විනාශ කිරීමටද නියෝග කර ඇත. ගනේවත්ත සෞඛ්‍ය…

Read More

කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොඹවක ධම්මින්ද ස්වාමීන්වහන්සේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වන පුවතක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තාවක් යොමු කර ඇත. එම වාර්තාව අනුව කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨඵල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති අතර මෙම පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙකු හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියෙකුද යොදවා ඇති බවත්, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ ආරක්ෂාව සඳහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත…

Read More

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු එළැඹෙන 2026 වර්ෂයට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. එහිදී අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී. 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර්…

Read More

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරියක් සියදිවි හානි කර ගෙන ඇති පුවතක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ වෛද්‍යවරිය තමාගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව සිය අතෙහි සටහනක් තබා ඇති බවය. එහි ඇය සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමාට කායික හා මානසික හිරිහැර සිදු කිරීම හේතුවෙන් තමා මෙසේ සිය දිවි නසා ගන්නා බවය. වැඩිදුරටත් ඇය එහි දක්වා ඇත්තේ පසුගිය මාස පහ පුරාවටම එක් පොලිස් නිලධාරියෙකු විසින් තමා කිහිප වතාවක්ම දූෂණයට ලක් කර ලිංගික හිරිහැර කළ බවත් අනෙක් නිලධාරියා විසින් තමාට මානසික හිරිහැර කළ බවත් ය.…

Read More

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු එහිදී ජනපති ට්‍රම්ප්ගේ පියවර හඳුන්වා ඇත්තේ බරපතළ කාරණයක් ලෙසය. එහෙත් එම සම්බාධක රුසියානු ආර්ථිකයට බලපෑමක් කිරීමට තරම් ශක්තිමත් නොවන බව ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ ඊට දැඩි ප්‍රතිරෝධයක් දක්වමිනි. සම්බාධකවලින් යම් බලපෑමක් ඇතිවන නමුත් එය කැපී පෙනෙන වෙනසක් ඇති නොකරනු ඇති බව පුටින් පවසා ඇත. එමෙන්ම එය මිත්‍රශීලි ක්‍රියාවක් නොවන බවත්, නැවත ප්‍රකෘතිමත්වීම ආරම්භ වූ රුසියානු අමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමට සහායක් නොවන බවත් පුටින් ප්‍රකාශකර තිබේ. ඒ වගේම නව සම්බාධක සහ ට්‍රම්ප් – පුටින් හමුව කල්දැමීම නොතකා රුසියානු නායකයා තමන්…

Read More