Author: Bandara Senanayaka

මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකු වෙඩි නොතබන බැවින්, රටේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි. එහිදි ඔහු පැවසුවේ, “මේ සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ? නෑ නේද? ඉතින් ආරක්ෂාව තියෙනවානෙ” යනුවෙනි. රට තුළ විවිධ ප්‍රශ්න ගැටලු “පොඩි පොඩි” වශයෙන් තිබෙන බව පිළිගත් ඒ මහතා, වර්තමාන රජයට කිසිදු පාර්ශවයක සහයෝගයක් නොමැති තත්ත්වයක් තුළ, “දැන් මැර කණ්ඩායම් ඒගොල්ලො ඒගොල්ලො අතර ගැටුම් නිර්මාණය වෙලා” තිබෙන බව සඳහන් කළේය. “ඉතින් අපට දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන්ද?” යනුවෙන් ප්‍රශ්න කළ ඒ මහතා…

Read More

‍පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 5087ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවය. රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරුඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ ඇතුළු වැව් කිහිපයක් ද වාන් දමන බව සඳහන්ය. පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී එම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ අශ්‍රිත ප්‍රදේශවල ජනතාව සැළකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

විශේෂඥ වෛද්‍යවරුන් 2,500ක් පමණ මේ වන විට රාජ්‍ය සේවය අතහැර රටින් පිටව ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. තවත් වෛද්‍යවරුන් 5,000ක පමණ පිරිසක් ඕනෑම මොහොතක මෙරට අතහැර යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන සිටින බව ද එම සංගමය අනාවරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (24) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී මහා කමිටු සාමාජික වෛද්‍ය සංජීව තලගහගොඩ මෙම අදහස් පළ කළේය. මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ GMOA සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අවධාරණය කළේ, මේ වන විට රෝහල් පද්ධතියේ පවතින ගැටලු නොවිසඳෙන්නේ නම් සේවා සැපයීමේ අවදානමක් පවතින බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ සඳහන් කළේ…

Read More

චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම, සිය සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නොවන බවට පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම, දැනට මෙරට ධාවනය වන කිසිදු BYD මාදිලියකට මෙම තත්ත්වය බලපාන්නේ නැති බවටයි එම සමාගම මෙරට පාරිභෝගිකයින්ට සහතික වී ඇත්තේ. BYD සමාගම විසින් ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ අඛණ්ඩ කැපවීමක් ලෙස, BYD Tang සහ Yuan Pro වාහන 115,000ක් පමණ ආපසු කැඳවීමට මෑතකදී නිවේදනය කර තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් BYD සමාගම සඳහන් කළේ, මෙම ආපසු කැඳවීම අදාළ වන්නේ, 2015 මාර්තු 28 සිට 2017 ජූලි 28 අතර නිෂ්පාදනය කරන ලද විශේෂිත BYD…

Read More

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය. එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් ඒ අනුව එහි ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් පවතින වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා…

Read More

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ. තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවිය. ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳද වේ. මේ අතර ඇගේ මරණය සම්බන්ධව රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙසට වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

වෙඩි වැදීම හේතුවෙන් අම්පර දිස්ත්‍රික්කයේ මහ ඔය සමගිපුර ප්‍රදේශයේ හේනක අසාද්‍ය තත්වයේ වැටී සිටින ජීවිතය අයදින වන අලියෙකු පිළිබඳ පුවතක් හස්තිරාජ පරපුර ෆේස් බුක් පිටුව වාර්ථා කර තිබෙනවා ”සති දෙක තුනක් වෙනවා වනජීවී එක දැනුවත් කරලා පෙරේදා ඇවිල්ලා අලි වෙඩි දාලා එලෙව්වා සතාව.බෙහෙත් කලේ නෑඌට ඇවිදගන්න බැරුව දවස් 4ක් මේ හරියෙ නොන්ඩි ගහ ගහ හිටියා.දැන් ඇවිද ගන්න බැරුව වැටිලා ඉන්නවා .වනජීවී දෙපාර්තමේන්තුවේ අම්පාර ප්‍රදේශය බාරව සිටින වනජීවී පශුවෛද්‍ය තුමනි ඔබ තුමා ප්‍රදාන අදාළ නිළදාරීන් මෙහෙමද අසරනව තුවාල උන අලියකුට ප්‍රතිකාර කරන්නේ. සතාගේ ජීවිතේ බේරගන්න පුලුවන් වෙලත් මෙහෙම මෝඩ තකතීරු වැඩ කරනවා නම්.නමටද වනජීවී සංරක්ෂණයක්සත්තුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා දැන්වත්…

Read More

නව ජාත්‍යන්තර් ඉන්ධන ක්‍රියාකරුවන්ගේ පැමිණිමෙන් පසු වෙළදපොළ කොටස අඩුවිම හේතුවෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ දි (2024) සැලකිය යුතු අයුරින් මුල්‍ය පසුබැමකට ලක්ව තිබු අතර එහි ආදායම සියයට 26.9කින් පහත වැටි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2023 වර්ෂයේ දි රුපියල් බිලියන 1,263.6ක ආදායමක් උපයාගෙන තිබුණි.එහෙත් 2024 වර්ෂයේ දි එම ආදායම රුපියල් බිලියන 923.4 දක්වා සියයට 26.9කින් අඩුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. 2023 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 4,184කි. 2024 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 286කින් අඩුවි තිබුණි. ඉකුත් වර්ෂයේ දි…

Read More

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය එන්ජිමේ හටගත් ගිනි ගැනීමක් හේතුවෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී නතර කර තිබෙනවා. අද අලුයම 5.15ටයි මෙම දුම්රිය අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබුණේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ පසුව එහි සිටි මගීන් තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය වෙත යොමු කළ බවයි.

Read More

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එච්.පි. නිරෝෂාන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර තිබූ අතර, එය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබෙනවා. බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විදෙස් ගතව සිටි කාලයේදී ඔහුට නොදන්වා මෙම සේවා දිගුව ලබා දී ඇති බවයි. කෙසේවෙතත් අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙම සේවා දිගුව ලබා දී ඇති බැවින් එය වහාම අවලංගු කරන ලෙසටයි අමාත්‍යවවරයා උපදෙස් දී ඇත්තේ. ඒ අනුව මේ වන විට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පවතින බවයි වාර්තා වන්නේ.

Read More