Author: Bandara Senanayaka

රාජකාරී වෙලාවේ මත්පැන් පානයකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අද (25) පස්වරුවේ අනුරාධුරයේ දී අත්අඩංගුවට ගෙන ඇත. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය ප.ව. 2.40ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවී ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු අනුරාධපුරය පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. යාල් දේවී දුම්රියට වෙනත් නියාමකවරයෙකු යොදවා අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා පැමිණ තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර සිටියි. ඊයේ (24) සවස මෙම පහරදීම සිදුකර ඇත.ඊයේ (24) ඔහුට පහරදීම සිදුකර ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සභාවට, පහළ කීඹිය කොට්ඨාසයෙන් තරඟ කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.කරාපිටියේ මල් ශාලාවක පැවැති අවමංගල්‍ය උත්සවයක දී සැකකරු විසින් උප සභාපතිවරයාට දෙවරක් පහර දී ඇති අතර ඉන්පසු යතුරුපැදියෙන් සිය බිරිඳ සමඟ නිවස බලා යමින් සිටි උප සභාපතිවරයා පසුපස හඹාවිත්, ගොඩකන්ද ප්‍රදේශයේ දී මඟ හරස්කර නැවත සැකකරු විසින් පහර දී ඇත.මේ පිළිබඳ උප සභාපති සමන් සී. ලියනගේ පෝද්දල පොලිසියට පැමිණිලි කර ඇති අතර එහි සඳහන්…

Read More

2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සියළුම විදුහල්පතිවරුන් තම පාසලට අදාල කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් ප්‍රවේශ පත්‍ර භාරගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමුකර ඇති බවයි. අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය හා විෂය සංශෝධන තිබේ නම් හඳුන්වාදී ඇති වෙබ් අඩවිය තුලින් එම කටයුතු සිදුකල හැකි අතර සංශෝධන සිදුකිරීම ලබන 31 වැනිදායින් අවසන් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.…

Read More

ඔක්තෝබර් පළමුවැනිදා වන විට අත්‍යාවශ්‍ය මුදල් පනතක් සම්මත කරගැනීමට නොහැකිවීමෙන් විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් ගෙවීම අපහසු වී ඇති පසුබිමක, ආරක්ෂක හමුදාවන්ට වැටුප් ගෙවීම සඳහා, සිය හිතවත් පාර්ශ්වයක් ඩොලර් මිලියන 130ක පරිත්‍යාගයක් සිදුකළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ වෙතත් ඒ කවුරුන් ද යන්න මෙතෙක් හෙළිකර නොමැත. එම මුදල් පරිත්‍යාගය එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පරිත්‍යාග භාරගැනීමේ අධිකාරිය යටතේ භාරගත් බවත්, පරිත්‍යාගකරු පනවා ඇති කොන්දේසි මත එම මුදල ආරක්ෂක හමුදාවන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් යොදාගන්නා බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මිලියන 1.3ක් පමණ වන එරට ආරක්ෂක හමුදා සෙබළුන් වෙත වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් ප්‍රමාණය පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව වාර්තාවේ. එමෙන්ම…

Read More

මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පස්වරුවේ රැස්විය. බෝනොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කොට අනෙකුත් අදාළ සියලු අමාත්‍යාංශ එක්ව මෙරට බෝනොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සදහා ඉදිරි සැලසුම් සකස් කිරීම සහ තින්දු,තීරණ ගන්නා විද්වතුන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන විද්වත් සමුළුවක් වේ. මෙරට පිළිකා රෝග පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ ඇගයීමක් ඇසුරින් සම්පාදනය කරනලද විශේෂ වාර්ථාව ද මෙහි දී අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය. මෙම ජාතික සභාවේ සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය හා…

Read More

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 දී, මීටර් 100 ධාවන තරඟයේ දී රන් පදක්කම දිනාගැනීමට, චමෝද් යෝධසිංහ ක්‍රීඩකයා, සමත්ව තිබෙනවාඒ තත්පර 10.30 කින් තරඟය නිමා කරමින් නව තරඟ වාර්තාවක් ද තබමින්

Read More

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර ගැඹුරු මුහුදේ ප්‍රධාන යන්ත්‍රවලකාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්වූ MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්යමණ්ඩලය බේරා ගැනීමට නාවික හමුදාවේ නෞකාවක් පිටත්ව ගොස් තිබෙනවා.ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘සමුදුර’ නෞකාව ඊයේ (24) දිනයේ එම මෙහෙයුම් සඳහා මෙලෙසපිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.ආපදාවට පත් MV INTEGRITY STAR වෙළද නෞකාවේ ඉන්දියානු, තුර්කි සහ අසර්බයිජාන්ජාතිකයින්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සාමාජිකයින් 14 දෙනෙකු සිටින බවයි නාවිකහමුදාව සඳහන් කළේ.මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ මුදවාගැනීම්මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයෙ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවසෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම්…

Read More

මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා පවසයි. පසුගියදා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය මුල් කරගනිමින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු බව ඔහු සඳහන් කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවත්, එය වසර ආරම්භයේ දී සැලසුම් කරන ලද ඩොලර් බිලියන 1.2 මට්ටමට වඩා ඉහළ අගයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “මේ අවුරුද්දේ වාහන ආනයන වියදම අපි අපේක්ෂා කළ මට්ටමට වඩා තරමක් ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ දී රථ වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.2ක පමණ විදේශ විනිමයක් වැය වනු ඇති බවට අප මුලින් පුරෝකථනය කළා. එය බොහෝ විට මේ අවුරුද්ද අවසාන වන විට ඩොලර් බිලියන 1.5ක්…

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත හානි 04ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අයහපත් කාලගුණය මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපෑම් එල්ල කර ඇති බවයි. කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, කෑගල්ල, බදුල්ල, මහනුවර, පුත්තලම, කොළඹ, නුවරඑළිය, වව්නියාව, මොණරාගල, කළුතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්ක මෙලෙස අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව තිබෙනවා. පුද්ගලයින් 18,376ක් අද (25) උදෑසනවන විට ආපද‍ාවට ලක්ව ඇති අතර, නිවාස අර්ධ හානි 628ක් වාර්තා වන බවයි ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්කොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය අද (25)…

Read More