Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි. ප්‍රංශ මාධ්‍යයට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් මීට පෙරද සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති අය බව සඳහන්. මෙසේ අත්අඩංගුවට ගත් අයගෙන් එක් අයෙකු එරට චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළෙන් ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ලොව වැඩිම පිරිසක් නැරඹීමට පැමිණෙන කෞතුකාගාරය වන ලූවර් කෞතුකාගාරයේ යුරෝ මිලියන 88කට අධික වටිනාකමක් ඇති ආභරණ රැසක් පසුගිය ඉරිදා සොරකම් කරනු ලැබීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. පසුගිය 22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළේය. එම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලදී. ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී…
රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා. මේ වසරේ ගාස්තු වැඩි කිරීම සම්බන්ධ සීමාව 15% ක් වන නමුත්, එය සංශෝධනය සඳහා වන උපරිම සීමාව මිස තීන්දු කළ අගයක් නොවන බව සඳහන්. මෙම ගාස්තු සංශෝධනය සඳහා අවධානය යොමු වී ඇත්තේ සෑම අවුරුදු තුනකට වරක්ම ගාස්තු සංශෝධනයක් සිදුවන නිසා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ. අවසන් වරට ගාස්තු සංශෝධනය සිදුකර ඇත්තේ 2022 වර්ෂයේදීයි. ඒ අනුව වසර තුනෙන් තුනට සියයට 15 ගාස්තු සංශෝධනයක් සාමාන්‍යයෙන් සිදු විය යුතුව තිබුණද, මේ වසරේ ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් තාමත් අවසන් තීරණයකට එළඹ නැති බව මෝටර් රථ…
රත්මලානේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ. අදාළ වෑන් රථය ප.ව. 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත. කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ. එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත. කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී…
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අත්සන් තබා තිබේ. තායිලන්ත සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් මීට ටික වේලාවකට පෙර මැලේසියාවේ දී අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙරට අතර සාම ක්‍රියාවලියේ මැදහත්කරුවෙකු වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම අවස්ථාවට සහභාගී විය.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදීයි. දේහය උදෑසන 11 ට වැලිගම ප්‍රාදේශීය සභාව වෙත රැගෙන යාමට ද නියමිතව තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සිය කාර්යාලය තුලදීම වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය බදාදායි. කෙසේ වෙතත්, මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. එහෙත් විමර්ශන නිලධාරීන් පැවසුවේ ඝාතනයේ විමර්ශන මේ වන විට සාර්ථකව සිදුකෙරෙමින් පවතින අතර සැකකරුවන් පිළිබද තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි. වෙඩික්කරු සහ ඝාතනයට පැමිණි අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් ද මේ වන විටත් තොරතුරු හෙළිවී ඇති බවයි විමර්ශන නිලධාරින් සදහන් කළේ.…
මස්කෙළිය රෝහලේ කාර්යමණ්ඩලයට හා නේවාසික රෝගීන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා රෝහල් සේවකයින් උද්ඝෝෂණයක් සිදුකර තිබෙනවා. ඒ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රෝගීන් බීමතින් පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයට පහර දෙන බව පවසමින්. මේ හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය හා නේවාසික රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්වන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මෙවැනි පහරදීම් දිගින් දිගටම සිදුවන බව පවසමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය ඊයේ (25) පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතාවයට එක් වුණා. පහරකෑමකින් තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත පැමිණි බීමත් අයෙක් පසුගිය (23) මස්කෙළිය, ප්‍රාදේශිය රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි රෝහල් සුළු සේවකයෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා. පහරකෑමට…
ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය ඒකාබද්ධව පවත්වනු ලබන ජනරැළිය “මහජන හඬ” නමින් නොවැම්බර් 21 වැනි දා සවස 2.00ට නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව රට දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් 27 සඳුදා උදෑසන 9.30ට කොළඹදී පැවැත්වීමට ද නියමිතයි. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,පොදු ජන එක්සත් පෙරමුණ, ඇතුළු විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 30කට අධික සංඛ්‍යාවක් මෙම ජන රැළියට එක්වීමට නියමිත බව ද දැනගන්නට ලැබෙනවා. ආණ්ඩුවට එරෙහි “මහජන හඬ” මෙම රැලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙම දේශපාලන පක්ෂ අතර සාකච්ඡා දිගින් දිගටම පැවැත්වෙමින් පවතිනවා.
