Author: Bandara Senanayaka

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්, සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. අද (26) පෙ.ව. 08.30 ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව. 08.30 වන තෙක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු- මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50–60ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

සහල් සම්බන්ධයෙන් 3% ක පමණ හිඟයක් මතුවී ඇති බවත්, ඊට විකල්පයක් ලෙස සහල් යම් ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. සහල් ආනයනය මේ අවස්ථාවේ සිදුකළ යුතුව ඇති බවත්, මේ මොහොතේ ගොවියා ළඟ වී නොමැති නිසා මෙයින් ගොවියාට බලපෑමක් සිදු නොවන බවයි ඔහු පවසා සිටියේ. කීරි සම්බා පරිභෝජනය කරන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බවද, නමුත් ඒ හේතුවෙන් ගොවීන්ට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොදෙන බවද, ගොවියාගේ වී වලට අදාල මිල ඒ අයුරින්ම ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.‍ නාඩු සහ සම්බා සහල්වල කිසිදු හිඟයක් නොමැති බවත්, ඒවා අවශ්‍ය ප්‍රමාණය ද ඉක්මවා නිෂ්පාදනයක් ඇති බවත් ඔහු පවසා…

Read More

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති මීටර 4×100 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ. පිරිමි අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය තත්. 39.99කින් අවසන් කිරීමට සමත් විය. මෙහි රිදී පදක්කම ඉන්දියාව (තත්. 40.65) විසින්ද, ලෝකඩ පදක්කම බංග්ලාදේශය (තත්. 40.94) විසින්ද දිනාගත්තේය. කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්. 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තාය. ඉන්දියාවට එවරද රිදී පදක්කමෙන් සෑහීමට සිදු වූ අතර, ඔවුන් තරගය තත්. 44.93කින් අවසන් කළාය. මෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූයේ මාලදිවයින වන අතර, ඔවුන් තත්. 47.79ක දක්ෂතාවක් දැක්වීය.

Read More

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…

Read More

‘නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහිවෙන අධ්‍යාපන සභාව’ මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා ව්‍යාජ ‘Whatsapp’ සමූහයක් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එම සමූහය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන බවය. එමෙන්ම එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් එම නිවේදනයේ දැක්වේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අදාළ පාර්ශ්වයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූවාය. ඇය සිය ඉසව්ව තත්. 13.98කින් අවසන් කළාය. මෙහි රන් හා රිදී පදක්කම් ඉන්දීය ක්‍රීඩිකාවන් දෙපළක් විසින් දිනාගත්හ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

කාන්තා දේශපාලන නායකත්වයේ අනාගතය උදෙසා “Young Women Lead” සංගමය විසින් සංවිධානය කළ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩමුළු මාලාවේ බස්නාහිර පළාත් වැඩසටහන අද දින බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.මෙම අවස්තාවට පා.ම නාමල්‍ රාජපක්ෂ,සංජීව එදිරිමාන්න,සාගර කාරියවසම්,මිලින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන ක්‍රියාදරයින් රැසක් සහභාගී වී සිටියා.

Read More

එක්දින කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්දියාවේ ලිංගික හිංසනයට ලක්ව තිබේ. අදාළ ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර්හි පිහිටි අවන්හලකට ගොස් ඔවුන් නැවතී සිටින හෝටලයට ආපසු යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් මෙය සිදුකර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය දුටු අයෙකු විසින් සැකකරුගේ යතුරුපැදි‍යෙහි අංකය සටහන් කර ගෙන ඇති අතර, ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට ඉන්දියාවේ රැඩිසන් බ්ලූ හෝටලයේ නවාතැන් ගෙන සිටී. කෙසේවෙතත් මධ්‍ය ප්‍රදේශ් ක්‍රිකට් සංගමය…

Read More

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී ලකුණු 18කට කඩුලු 7ක් දවා ගනිමින් ඔස්ට්‍රේලියාවේ ඇලනා කිංග් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක ලොව හොඳම පන්දු යැවීම වාර්තා කරයි.

Read More

ඉන්දියාව හා සත්කාරකර ඔස්ටේලියානු කණ්ඩායම අතර සිඩ්නි හීදී පැවැවත් වු තුන්වන එක්දින තරඟයේදී විරාට් කෝලි, කුමාර සංගක්කාර පසු කරමින් එක්දින ක්‍රිකට් තරගවල දෙවනියට වැඩිම ලකුණුලාභී පිතිකරු බවට වුණා. සචින් තෙන්ඩුල්කාර් 18,456 විරාට් කෝලි 14,250 කුමාර් සංගක්කාර 14,234

Read More