Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්, සිය ආත්මාරක්ෂාව වෙනුවෙන්, “ගම්මිරිස් කුඩු විදින අවි” කිහිපයක් ළඟ තබා ගැනීම සදහා අවසර ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. දැනටමත් මන්ත්‍රීවරයා අදාල අවි විදෙස් රටකින් ගෙන්වා ඇති අතර, එම අවි රේගුවෙන් නිදහස් කර ගැනීමේ ගැටළුවකට ඔහු මුහුණ දී සිටින බවයි පුවත්පත වාර්තා කර තිබෙන්නේ. අදාල අවි රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇතත්, ඊට අවසර ලැබී නැති බව පැවසේ.
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී ය.ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණි.
විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට නිසි ආරක්ෂාවක් නොමැති බවත්, අධ්‍යාපනය ප්‍රතිව්‍යුහ ගත කිරීමෙන් වතුකරයේ පාසල් ගණනාවක් වැසී යාමේ අවධානමකට පත් වී ඇති බවත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, කඳුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකුට නිසි ආරක්ෂවක් නොමැති වීම හමුවේ තමන්ට ඡන්දය ලබා දුන් මහජනතාව අතරට ගොස් රැස්වීමක් පවා පැවැත්වීමට හෝ ඔවුන් හමුවී කථා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ද මන්ත්‍රීවරයා කියනවා. මන්ත්‍රීවරයා ඒසේ පැවසුවේ ඊයේ (25) හැටන් නගරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වී. රාධාක්‍රිෂ්ණන් කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225…
2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වේරන් සහ රිදී පදක්කම් ශ්‍රී ලංකාවටරන් පදක්කම – දසුනි කෞෂල්‍යාටරිදී පදක්කම – අරලියා සත්සරනිට
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි, MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදවා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. එම කාර්ය මණ්ඩලය අද (26) හම්බන්තොට වරායට රැගෙන ආ බවද නාවික හමුදාව පැවසුවා. මෙම වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අනුයුක්ත කර තිබුණා. එහිදී, ආපදාවට පත් වෙළද නෞකාවේ සිටි ඉන්දීයානු, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සමුදුර නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව, අද (26) හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ…
හෙට සිට (2025 ඔක්තෝබර් 27) කුවේට් ජාතික ගුවන්සේවය සතියකට ගුවන් වාර 4ක් කොළඹ සහ කුවේට් අතර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා නවීන එයාර්බස් A320neo ගුවන්යානයක් භාවිතා කිරීමට නියමිතය.
අරගලය පැවැති දා නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සම්බන්ධ නඩුවේ තීන්දුව ලබන ජනවාරි මස 14 දා ප්‍රකාශයට පත්කරන බව ගම්පහ මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියට අදාළ චුදිතයින් 41 දෙනකු සඳහා එලෙස නඩු තීන්දුව ලබාදීමට නියමිතයි. ඉකුත් 2022 මැයි මස 09 වැනිදා නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් අහංගම විතාරනලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීම ඇතුළු අධිචේදනා 14ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නිතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබුණා. මෙම නඩුවට අදාල විත්තිකරුවන් 41 ක්…
කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට අමතරව ඩිම්බ නොමැති කාන්තාවන් වෙනුවෙන් ඩිම්බ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් කාන්තාවන්ට දරුවෙක් හදාගැනීමට තරම් සක්‍රීය තත්ත්වයේ ඩිම්බ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවත් මේ වන විට එම බලාපොරොත්තු මල්ඵල ගැන්විම සඳහා නිරෝගි ඩිම්බ පවතින කාන්තාවන්ගෙන් ඩිම්බ ලබාගැනීම මෙහි ක්‍රියාවලිය බවත් වෛද්‍යවරයා පැවසුවා. පසුව එම කාන්තාවගේ ඩිම්බ අදාල කාන්තාවගේ සැමියාගේ ශුක්‍රාණු සමඟ බාහිර පරිසරය තුළ විශේෂ මාධ්‍යයක සංසේචනය වීමට සලස්වා වැටුණු කළලය මවගේ ගර්භාෂයේ තැන්පත් කිරිමක් සිදුකරයි. IVF (In Vitro Fertilisation) තාක්ෂණය භාවිත කරමින් දරුවන් නොමැති තරුණ…
දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පි. පියසිරී රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු නව තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 25 වැනි දා සහභාගි විය.මෙම නව තෙමහල් වාට්ටු සංකීර්ණය ෆිනෝමිනල් ට්‍රේඩිං ආයතනයේ අධිපති දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා සහ ඔහුගේ දරුවන්ගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදි කරනු ලැබූ අතර මෙහි දී වාට්ටු සංකීර්ණය නිල වශයෙන් රජය වෙත භාර දීමේ සන්නස් පත්‍රය දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිරිනමන ලදී.මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය රජයත් , පුද්ගලික අංශයත්, ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති සඳහා මෙම රෝහල කදිම උදාහරණ සපයන බව පැවසීය.සමාජ වගකීමකින් යුතු…
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම පොලීසිය විසින් ගාල්ලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. මොහු වෙඩිතැබීමට පෙරදින වෙඩික්කරුවන් සමග ගාල්ල හා මාතර ප්‍රදේශයන් වෙත ගොස් ඇති බවද සඳහන්. එමෙන්ම වෙඩිතැබීම සිදු වූ දින වෙඩික්කරුවන් රැගෙන පැමිණ ඇත්තේද මොහු විසින් වන අතර, ප්‍රහාරයෙන් පසු ඔවුන්ට පලායාමටද සහයෝගය ලබාදී තිබේ. තවද වෙඩිකරුවන්ට මුදල් ලබාදී ඇත්තේද මොහු විසින් වන අතර, ඔහු ලබාදුන් සහයෝගයට ඔහුටද රුපියල් 20,000ක මුදලක් ලැබී ඇති බව…
